Wednesday, February 27, 2019

හෙළයේ පළමු රජු රාවණාද ? විජයද ? පණ්ඩුකාභයද ?

හෙළ යක්ෂ, නාග ගෝත්‍රික ජනතාව​ගේ මූලාරම්භය කවදා ආරම්භ වූයේ ද යන වග දැනගැනීම සඳහා ඓතිහාසික මූලාශ්‍ර පාදක කරගැනීමට නොමැති වුව ද හෙළය ‘මණ්ඩදීපය’ ලෙස හැඳින්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධොත්පාද කාලයේ දී යක්ෂ ගෝත්‍රික ඉතිහාසයේ විශ්ව කීර්තියට පත්ව සිටි අගස්ති, පුලස්ති යන මහා ඍෂිවරුන්ගෙන් වර්ණවත්ව බැබළුණ යුගයක පුලස්ති ඍෂිවරයාණන්ගේ පුත් රුවන වූ විශ්‍රව පඬිවරයාණන්ට දාව පුෂ්පොත්කටා අගමෙහෙසියට උපන් මහාධිරාජ ශ්‍රී රාවණ නරෝත්තමයාණන්ගේ රාජ්‍ය පාලන කාලය හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස දීප්තිමත්ව බැබළුණ බව පුරාවෘත්තයන්ගෙන් අනාවරණය වී ඇත.
ඉතා දියුණු සංස්කෘතියකට, සභ්‍යත්වයකට, ශිෂ්ටාචාරයකට උරුමකම් නෑකම් කියූ හෙළ යක්ෂ ​ගෝත්‍රික ජනතාවගේ දුර්දසාව රාම, ලක්ෂ්මණ, හනුමන්තා යන දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, විදෑවන් විසින් ශ්‍රී රාවණ නරෝත්තමයාණන්ට සියතින්ම සිය ජීවිතය අවසන් කර ගැනීමට මංපෙත් විවර කිරීමෙන් පසුව හෙළ රාජාවලිය අරාජික විය. ඒ සමඟ අසරණ වූ යක්ෂ ගෝත්‍රික ජනතාව පෙර ජීවත් වූ පරිදි පුලතිසිපුර, ලංකාපුර, ආලකමන්දාපුර, දිඹුලාගල, අනුරාධපුරය, මිහින්තලය, දොරමඩලාව, මහියංගණය, බින්තැන්න, ලග්ගල, රිටිගල, යකාගල, යකාබැඳිඇල්ල, යක්දෙස්සාව, යක්කාවිට, යක්විල, ගල්කඩ, වයඹ ආදී ප්‍රදේශවල ජනපද පිහිටුවාගෙන ගොවිතැන සිය ජීවනෝපාය කරගනිමින් වාසය කර ඇත.
නාගදීපය (නයිනතිව්), චූලනාගගාම (චුන්නාකම්), මහානාගගාම (මල්ලාකම්), මහීනාගගාම (මන්නාරම), කල්පිටිය, කැලණිය ආදී ප්‍රදේශවල නාග ගෝත්‍රික ජනයා ජීවත් වී ඇති අතර, සමහර ප්‍රදේශවලින් හමු වී ඇති නාග හිස සහිත ශෛලමය මූර්තිවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි.
තම මුනුපුරුට අනාගතයේදී එල්ලවන සතුරු ආක්‍රමණයක් උපද්‍රවයක් ගැන උප්පත්ති කේන්දරයට අනුව දූරදර්ශීව දැක සිටි පුලස්ති ඍෂිවරයාණන් එම උපද්‍රවයෙන් මිදී සතුරාගෙන් ආරක්ෂා වීම සඳහා ‘බ්‍රහ්ම අස්ථය’ නම් වූ බලගතු මන්ත්‍රයක් සහ තෛලයක් රත්රන් සුරයක බහා එය ආරක්ෂා කර තබාගන්නා ලෙසට මුනුපුරු රාවණ නිරිඳුන්ට දුන් උපදෙස්වලට අනුව රත්රන් සුරය රාවණ නිරිඳුන්ගේ එක් වාසභවනක් වූ ත්‍රිකූට පර්වත මාලිගාවේ මුදුන් කුලුනක සඟවා තබා ඇත.
එම රත්රන් සුරය සඟවා තබා ඇති ස්ථානය දැනගෙන සිට ඇත්තේ පුලස්ති ඍෂි, රාවණ නිරිඳුන්ගේ මෑණියන් වූ පුෂ්පොත්කටා දේවියගේ සහෝදරයා වූ කාලනේමි මාමණ්ඩිය සහ පියාණන් වූ විශ්‍රව පඬිවරයාට දාව නාග ගෝත්‍රික මාලනී දේවියට උපන් විභීෂණත් පමණි.
රාජ්‍යත්වයට ලෝභකම් කරමින් රජකම ලබාගැනීමේ මනදොළින් පසුවූ විභීෂණ අයියණ්ඩිය වූ රාවණ සමග නිතර නිතර ආරවුල් හිත් අමනාපකම් ඇතිකරගෙන සිටියදී, රාවණ නිරිඳුන්ගේ පියාණන් වූ විශ්‍රව පඬිවරයාණන්ට දාව රාගා නම් වූ මෙහෙසියට උපන් සුපර්ණිකා නැගණියගේ නාසය සහ කන් රාමගේ මලණුවන් වූ ලක්ෂ්මණ විසින් කපා තුවාල සිදුකිරීම නිසා පළිගැනීමක් ලෙස රාමගේ බිරිඳ වූ සීතා දේවිය රාවණ නිරිඳුන් විසින් පැහැරගෙන ඒම නිසා උරණ වී කෝපාවිෂ්ටව සිටි රාමට, රාවණ අයියණ්ඩියට විරුද්ධව කේලම් කියමින් කුමන්ත්‍රණ කරමින් විභීෂණ රාම සමග කුලුපග වී ඇත.
සීතා දේවිය පැහැරගෙන ඒම නිසා යම් දිනෙක රාම, රාවණ නිරිඳුන් සමඟ යුද්ධයකට පැටලුනහොත් බ්‍රහ්ම අස්ථය බහාලූ රත්රන් සුරය පැලඳගෙන රාවණ නිරිඳුන් යුද බිමට පිවිසුණ විට පරදවා විනාශ කළ නොහැකි බව වටහාගෙන සිටි විභීෂණ හොර රහසේම හේවායින් සමග ත්‍රිකූට මාලිගාවට ගොස් කුලුනේ සඟවා තිබූ රත්රන් සුරය විභීෂණ භාරයට ගන්නා විට එය දුටු සුපර්ණිකා නැගණිය ඒ බව රාවණ අයියණ්ඩියට සැලකර ඇත.
කුඩා කල සිටම තමා බලා හදා ගනිමින් සිප්සතර ගුරුහරුකම් කියාදුන් තම මෑණියන්ගේ සහෝදරයා වූ කාලනේමි මාමණ්ඩිය හනුමන්තා විසින් පෙරළන ලද ගලකට යටවීමෙන් ද එකම පුත්‍රරත්නය වූ මේඝනාධ (ඉන්ද්‍රජිත්) ලක්ෂ්මණ විසින් ගෙල සිඳලීමෙන් ද ජීවිතක්ෂයට පත් කර ඇති බව දැන ගැනීමෙන් පසුව දැඩි චිත්ත සංවේගයට පත්ව සිටියදී රාම, ලක්ෂ්මණ, හනුමන්තා වානර සේනාව ද සමඟ යුද්ධයකට අත වනන බව දැනගැනීමෙන් පසුව, ‘බ්‍රහ්ම අස්ථය’ ද විභීෂණ භාරයේ තිබෙන හෙයින් යුද ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැකි බව අවබෝධ කරගත් රාවණ නිරිඳු තමා විසින්ම සකසා ගත් වස පානය කර දිවි තොර කරගත්තා ද එසේ නැතිනම් සිහිමුර්ජා වන දියරයක් පානය කළා ද?
දේහය නකල්ස් කඳු පන්තියට අයත් ‘යහන්ගල්’ ගල් ලෙනක තැන්පත් කර තිබෙනවා ද? ‘යහන’ අරුත් බිඳී ඒමේදී ඇඳක් යන අර්ථය නිරූපණය වෙයි. ඇඳක මෘතදේහයක් තැන්පත් කර නොතබනු ඇත. ඒ අනුව සිහිමූර්ජා වූ රාවණ නිරිඳුන්ගේ පෞරුෂය යහන්ගලේ ගුහාවක තැන්පත් කර තිබෙනවා ද?
රාවණ නිරිඳුන් විනාශ කරවීමට විභීෂණ ආධාර අනුබල උපකාර කළ නිසා කෘතගුණ සැලකීමක් වශයෙන් දේව ගෝත්‍රිකයන් වූ රාම, ලක්ෂ්මණ, සීතා දේවිය ද සමග කැලණියේ නාග ගෝත්‍රික ජනතාව හමුවීමට ​ගොස් විභීෂණට දේවත්වයක් ආරෝපණය කර පුද පූජා පවත්වමින් වන්දනාමාන කරන ලෙස නාග ගෝත්‍රික ජනතාවට උපදෙස් දී ඔවුන්ගේ බහට අවනත කරවා ගැනීමෙන් පසුව ඉන්දියාව බලා ගොස් ඇත. ඒ අනුව යමින් අදත් ජනතාව වන්දනාමාන කරමින් පුද පූජා පවත්වන්නේ තම පියාණන් වූ විශ්‍රව පඬිවරයාටම දාව උපන් තම සහෝදරයා වූ රාවණ නිරිඳුන්ගේ ජීවිතය විනාශ කරවා අපගේ ආදි මුතුන් මිත්තන් වන යක්ෂ ​ෙගා්ත්‍රික ජනතාව විනාශ මුඛයට ඇද දැමූ, පාපතර විභීෂණ බව සිහියේ තබාගෙන පුද පූජා කරන්නේ නම් කළ යුතුය.
අමිල ජීවිතයක් විනාශ කර ගැනීමට මංපෙත් විවර කරමින් අගස්ති, පුලස්ති යන මහා ඍෂිවරුන් විසින් සහ මහාධිරාජ ශ්‍රී රාවණ නිරිඳුන් විසින් හෙළ ආයුර්වේද විද්‍යාව පිළිබඳව රචනා කරන ලදුව පුලතිසිපුර ස්වස්ථිකයේ සුරක්ෂිතව ගබඩා කර තිබූ මහානුභාව සම්පන්න පුස්කොළ ග්‍රන්ථ රැගෙන යාම සඳහා ඉවත් කර ගැනීමෙන් පසුව ස්වස්ථිකයට ද ආලකමන්දාව වටා දැව නිමාවෙන් ඉදිකර තිබූ පරිවාර මහල් පද්ධතියට ද ගිනි තබා විනාශ කිරීමෙන් රාම, ලක්ෂ්මණ, හනුමන්තා යන ද්‍රෝහීන් හෙළ ශ්‍රී විභූතියට කළ විනාශය අප දන්නා ඉතිහාසයේ ඉන්දීය විදෑවන් කළ පළමු වැනි මහාම මහා විනාශය පිළිබඳව නොදන්නා අය නොදන්නා නමුත් දන්නා අය අමතක කර දමා ඇති නමුත් අමතක කළ යුතු ද?
වාර්ෂිකව රාම අනුස්මරණය කරමින් ඉන්දීය රාජ්‍ය අනුග්‍රහයෙන් රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන ‘දුසේරා’ උත්සවයේ සමාප්තිය සනිටුහන් කරන්නේ රාවණ නිරිඳුන්ගේ මූර්තියක් පඹයකුගේ ස්වරූපයෙන් නිර්මාණය කර ඊතලවලින් විද පුලුස්සා දැමීමෙනි.
පසුගිය ‘දුසේරා’ උත්සවයක​ට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා රාවණ නිරිඳුන්ගේ මූර්තියට ඊතලයකින් විදින අවස්ථාවේදී දුන්න කැඩී ගිය පුවත පුවත්පතක පළ කර තිබුණි. රාම වීරත්වයෙන් පිදුම් ලබන්නේ විශ්වයම ජයගත් ඉන්දියාවට ද අභියෝගයක් වූ රාවණ නිරිඳුන් විනාශ කරවීම නිසාම බව රාවණ නිරිඳුන්ගේ අනුරුව පුලුස්සා දමමින් දුසේරා උත්සවයේ සමාප්තිය සනිටුහන් කිරීමෙන්ම පැහැදිලි වෙයි.
රාම අනුස්මරණය කරන ‘දුසේරා’ උත්සවය හෙළයන්ගේ මතකය අවදි කරමින් කියාපාන්නේ රාවණ නරෝත්තමයාණෝ හෙළය පාලනය කළ බව ඉන්දියාව පිළිගන්නා බවත්, එනම් ඔවුන්ගේ ද්‍රෝහියකු ලෙස සලකන බවත් නොවේ ද? ඉන්දියාව එසේ පිළිගෙන තිබෙන නමුන්, රාවණ නරෝත්තමයාණෝ හෙළයේ විරාජමානව වැජඹෙමින් දේශ දේශාන්තරවල ද සිය කිතු ගොස අණසක පතුරවමින්, වෙනත් ලෝක සමඟ සබඳතා පවත්වමින් ගුවන්යානා රේඩාර් පද්ධති, ජ්‍යොතිෂය වෙදහෙදකම් මේ ආදී සකලවිධ ක්‍රියාවන්ගෙන් දස්කම් විස්කම් පෙන් වූ වීර වික්‍රම රාවණ නිරිඳුන් අනුස්මරණය කිරීමට තබා නිරිඳුන් ගැන දන්නේ ද කීයෙන් කී දෙනෙක් ද?
.
අතිශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියූ අපේ ආදි හෙළ මුතුන් මිත්තන් වූ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවැතගෙන එන අපි වර්තමානය වනවිට නිවට නියාලු දීන ජාතියක් බවට පත්කර ඇත්තේ කවුරුන් විසින් ද යන ප්‍රශ්නයට පිළිතුරු අපි අපටම ගසා ගනිමින් අපෙන්ම විමසිය යුතුය.
රටකට ජාතියකට සුභවාදී අනාගතයකට පියමං කිරීම සඳහා නිර්ව්‍යාජ ඉතිහාසයක් තිබිය යුතුය. හෙළයන් වූ අපට කිසිදු රටකට ජාතියකට නොමැති පෞඪ ඉතිහාසයකට උරුමකම් කීමට ඕනෑ තරම් මූලාශ්‍ර තිබියදී ඒවා පරිශීලනය කිරීම පසෙකට දමා ව්‍යාජ ඓතිහාසික තොරතුරු පදනම් කරගෙන අඳුරේ අතගාමින් අප ​විසින්ම අපේ ඉතිහාසය විකෘති කරගෙන පැමිණි ගමනට තිත තබා දැන්වත් අපේ නිවැරැදි ඉතිහාසය සොයා යා යුතුය.
තෝපා වැව ඉස්මත්තේ සිට පුස්කොළ ග්‍රන්ථයක්​ දෙඅත දරාගෙන ස්වස්ථිකය දෙස නෙත් යොමා බලා සිටින හෙළයේ මහා වෙදැදුරු පුලස්ති ඍෂිවරයාණන්ගේ ශෛලමය පිළිරුව බවට ඓතිහාසික සාක්ෂි තිබියදීත්, පිළිරුව හෙළය ස්වයංපෝෂිත කළ පැරකුම්බා නිරිඳුන්ගේ බවට ඉතිහාසය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරුන් දරන මතය මොන තරම් අභාග්‍ය සම්පන්න ද?
පුලස්ති ඍෂිවරයාණනි, රාවණ නරෝත්තමයාණන්ගේ අත්තා වූ වියතාණනි, අප විසින් ඔබ වහන්සේට කර ඇති මෙම අවමානයට වඩා වැඩි තවත් අවමානයක් කරන්නට අපට ඉතිරිව තිබේ ද? පිළිරුව පැරකුම්බා නිරිඳුන්ගේම නම් වීරත්වය, ගාම්භීරත්වය පිළිබිඹු වන පරිදි රාජ ආභරණ අසිපතක් සහිතව පිළිරුව නෙළීමට හෙළ ගල් වඩුවාණන්ට අමතක වුණා ද?
පිළිරුව පැරකුම්බා නිරිඳුන්ගේම නම් හෙළ රාජාවලියේ රජකම් කළ අඩු තරමින් ශ්‍රේෂ්ඨ නරපතියන්ගේවත් ශෛලමය පිළිරූ විද්‍යාමාන නොවන්නේ ඇයි? දිය වී ගොසින් ද? පරසතුරු ආක්‍රමණ විසින් සුනු විසුනු කර දැම්මා නම් මෙම පිළිරුව පමණක් ඉතිරි වූයේ කෙසේ ද?
කෙසේ වුව ද සෑම ගමකටම, නගරයකටම නමක් යොදා ඇත්තේ එම නමින් පිළිබිඹු වන කුමන හෝ ඓතිහාසික ගුප්තාර්ථයක් අන්තර්ග්‍රහණය කරගෙනයි. ඒ අනුව පණ්ඩුකාභය රජතුමාගේ අත්තා කෙනකු වූ අනුරාධ ගාමයේ ඇමැති ධුරය හෙබවූ අනුරාධ ඇමැතිවරයාගේ නම පාදක කරගෙන ද අනුරාධ නැකතින් අනුරාධපුර රාජධානියේ වැඩ කටයුතු ආරම්භ කළ නිසා ද අනුරාධ ගාමයට අනුරාධපුරය යන නම යොදා ඇත. එසේම පුලතිසිපුර, පුලස්ථිපුර යන නම අර්ථකථනය කළ විට පුලස්ථි ඍෂිවරයාණන් ජීවත් වූ භූමිය පුලස්තිපුරය බව තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. පුලස්තිපුරයෙන් තම දේශපාලන අත්පොත කියවූ වත්මන් භූපතිතුමාට සඟවා ඇති හෙළ සැබෑ ඉතිහාසය කැණ ගොඩලීම සඳහා පෙරමුණ ගැනීමට පරම අයිතියක් ඇත.
ලොව විස්මිත කරවන මනරම් කලා නිර්මාණයක් වන ආලකමන්දාව කවදා කවුරුන් විසින් නිර්මාණය කරන්නට ඇති ද යන වග දැනගැනීමට පැහැදිලි සාක්ෂි නොමැති වුව ද රාවණ නිරිඳුන්ගේ අත්තා වූ පුලස්ති ඍෂිවරයාණන්ගේ සමයේදී මාලී, සුමාලී, මල්‍යවන්ත යන යක්ෂ සේනාධිපතිවරුන් තිදෙනාගේ මෙහෙයවීම් යටතේ නිමකරන්නට ඇතැයි අනුමාන කළ හැක.
රාවණ නිරිඳුන්ගේ පියාණන් වූ විශ්‍රව පඬිවරයාණන්ට දාව ඉලා නම් වූ දේවියට උපන් වෛශ්‍රවණ හෙවත් කුවේර හෙවත් වෙසමුණි වැඩි කලක් ආලකමන්දාවේ වාසය කර ඇති බව සිව්පදයකින් මතකයේ ඇති එක් පදයක් වන ‘කුවේර නුවරෙව් සැදුණු එනුවර’ යන පදය උපුටා දක්වමින් කුවේරයා​ෙග් නුවර ලෙස හඳුන්වා ඇත්තේ ​ආලකමන්දා පුරවරය බව පෙන්වාදීම අගනේය.
ඉන් පසුව වෛශ්‍රවණ ආලකමන්දාවෙන් පිටමංකර රාවණ නිරිඳුන් තමන්ගේ ප්‍රධාන වාස භවනය කරගෙන ජීවත් වී ඇති අතර පුත්‍රරත්නය වූ මේඝනාධ (ඉන්ද්‍රජිත්) රාම, ලක්ෂ්මණ, හනුමන්තා යන ද්‍රෝහීන් සමඟ සටන් ඇවිලී ඇත්තේ ආලකමන්දා පරිශ්‍රයේදී බවත්, ඉන් පසුව රාම, ලක්ෂ්මණ, හනුමන්තා ප්‍රධාන වානර හමුදාව විසින් ආලකමන්දාව වටා දැව නිමාවෙන් ඉදිකර තිබූ මහල් පද්ධතියට ද ගිනි තැබීම නිසා ආලකමන්දාවේ ජීවත් වූ රාවණ නිරිඳුන්ගේ මලණුවන් වූ කුම්භකරණ ගින්නට අසු වී ජීවිතක්ෂයට පත් වී ඇත.
කුම්භකරණ වැඩි කාලයක් නිදාගත් පුද්ගලයකු නිසා සමහර පුද්ගලයන් දීර්ඝ නින්දක යෙදෙන විට ‘නිදාගන්න ගියාම කුම්භකරණයා වගේ’ යන කියමනක් ගැමි වහරේ ඇති බව පෙන්වා දෙමින් කුම්භකරණ නමින් පුද්ගලයකු රාවණ නිරිඳුන්ගේ සමයේ ජීවත් වී ඇති බව පෙන්වා දිය හැක.
ආලකමන්දාව පිළිබඳව සැබෑ ඉතිහාසය විකෘති කරමින් කාශ්‍යප කුමරු විසින් ආලකමන්දාව ගොඩනගා ඇති බව ඔප්පු කිරීමට ඉතිහාසඥයන් මහත් පරිශ්‍රමයක් දරා ඇත. පියාණන් වූ ධාතුසේන රජු ජීවිතක්ෂයට පත් කරලීමෙන් පීතෘ ඝාතකයකු වූ කාශ්‍යප කුමරු මලණුවන් වූ මුගලන් කුමරු විසින් ඝාතනය කිරීමට සොයමින් සිටින විට අධිආරක්ෂිත ස්ථානයක් වූ ආලකමන්දාවට පැමිණ සැඟ වී සිට ඇති නමුත් අවසානයේදී මුගලන් කුමරු අතින් මැරුම් කෑවා ද? සිය දිවි හානි කරගත්තා ද?
කෙසේ වුව ද අැති වූ කෝපය නිසා පියා ඝාතනය කරවීමෙන් දැඩි චිත්ත සංවේගයටත්, පසුතැවිල්ලටත් පත් වී මර බියෙන් සැඟ වී සිට කාශ්‍යප කුමරුට විශ්වකර්ම මනරම් කලා නිර්මාණයක් වූ ආලකමන්දාව ගොඩනැගීමට නිරවුල් මානසිකත්වයක් තුළ කලාකාමී සිතුවිලි පහළ වූවා යැයි සිතීම උගහටය. එසේම ආලකමන්දාව ගොඩනැගීමට වසර ගණනාවක් ගතවන්නට ඇතැයි සිතිය හැකි කාල පරාසය තුළ මර බියෙන් සැඟ වී සිටි කාශ්‍යප කුමරු නිර්මාණ ශිල්පීන්, ගල් වඩුවන්, සිත්තරුන් ඇතුළු විශාල සේවක සංඛ්‍යාවක් සොයා ගත්තේ කෙ​සේ ද? අයියණ්ඩිය ඝාතනය කිරීමට සොයමින් සිටි මුගලන් කුමරු කාශ්‍යප කුමරු විසින් ආලකමන්දාව ගොඩනගා අවසන් කරන තුරුම නිහඬ පිළිවෙතක් අනුගමනය කළා ද?
ආලකමන්දාවේ සිරසට ප්‍රවිෂ්ට වීම සඳහා ඇති දොරටුව අබියස නෙළා ඇති සියුම් කලා නිර්මාණයෙන් පිළිබිඹු වන්නේ සිංහයකුගේ අත්යුගලයක් බවත්, සිංහයාගේ ගිරිය (උගුර) තුළින් සිරසට පියමං කළ යුතු බවත් ඒ අනුව සිංහගිරිය සීගිරිය ලෙසත්, සීගිරිය ගොඩනැඟූ නියමුවා වූයේ කාශ්‍යප කුමරු බවත්, එසේ හෙයින් කාශ්‍යප කුමරු සීගිරි කාශ්‍යප ලෙසත් අර්ථකථනය කර ඇත.
අන්ධ පුද්ගලයකුට සිංහයකුගේ අතක ඇඟිලි, නියපොතු සහ ගුරුළකුගේ හෝ මයුරකුගේ පාදයක ඇඟිලි, නියපොතු අතින් ස්පර්ශ කිරීමට සලස්වා ඉන් පසුව ආලකමන්දාවේ සිරසට පිවිසෙන දොරටුව අබියසට කැඳවාගෙන ගොස් සිංහයකුගේ යැයි කියන අතක ඇඟිලි, නියපොතු ස්පර්ශ කිරීමට සැලැස්සුවහොත් එය සිංහයකුගේ අතක් නොව ගුරුළකුගේ හෝ මයුරකුගේ පාදයක් බව එක හෙලාම ප්‍රකාශ කරනු ඇත.
නමුත් අපේ ඉතිහාසඥයන්ගේ සහ නරඹා ඇති පිරිසගෙන් බහුතරයකගේ ද මතය වී ඇත්තේ අත් යුගලය සිංහයකුගේම බවයි. මෙය අරුමයක් ද? කරුමයක් ද? මානව සම්භවයේ ආරම්භය ඇති වූයේ කවදා ද? යන වග දැන ගැනීම සඳහා අැමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විද්වතුන් කණ්ඩායමක් කර ඇති විමර්ශනාත්මක ගවේෂණවලදී වසර 7000කටත් එහා ගිය ඉතිහාසයක් තුළදී මානවයා ජීවත්ව ඇති බව පෙන්වා දෙමින් චාර්ල්ස් ඩාවින් දාර්ශනිකයා විසින් මිනිසා පරිණාමය වී ඇති බවට කර ඇති ප්‍රකාශය පුස්සක් බවට පත් කර ඇත. එවැනි දුර්මත බැහැරව යමින් තිබෙන යුගයක ගුරුළකුගේ හෝ මයුරකුගේ දෙපා සිංහයකුගේ අත් දෙකක් බවට උපකල්පනය කරමින් ඒ මතයේම ඇලී ගැලී සිටින්නේ ඇයි?
වසර 1400කින් ඔබ්බට දිවයන අනුරාධපුර යුගය තුළ රජකම් කළ රජවරුන් අගනගරය ලෙස අනුරාධපුරය තෝරාගෙන පාලනයේ නිරත වී ඇති නමුත් මර බිය නිසා මුගලන් කුමරුට බියෙන් ආලකමන්දාව අගනගරය කරගෙන ක්‍රි.ව. 479-497 අතර වසර 18ක් පාලනයේ නිරත වූ බව සඳහන් වන හෙයින් කාශ්‍යප කුමරුට බියෙන් මුගලන් කුමරු සැඟවී සිටියා ද? අනුරාධපුර යුගයේදී අගනගර දෙකක් තිබුණා ද?
අපගේ ආදි මුතුන් මිත්තන් වූ යක්ෂ ගෝත්‍රික ජනතාවගේ සුරුවිරුකම් පිළිබඳව ආලකමන්දාවේ සඟවා ඇති අතිමහත් වූ අභිරහස් ඉතිහාසය උඩි යටිකුරු කරමින් හෙළිවන්නේ ශිඛරය අභ්‍යන්තරයට ප්‍රවිෂ්ට වීමට ඇති ගල් දොරටු විවෘත කිරීමට වරම ලැබෙන දිනයේදීය. එතෙක් බළකොටු තනාගෙන රැකවල්ලා සිටින මරාගෙන මැරෙන කළු දෙබර, බඹර සේනා දිවි හිමියෙන් හෙළ ඉතිහාසය ආරක්ෂා කරනු ඇත. පුරාවිදු කොමසාරිස්ව සිටි මහැදුරු සෙනරත් පරණවිතාන සූරීන් ශිඛරය තුළට ඇතුළුවන දොරටුවක් අබියස කැනීම් කිරීමට සූදානම් වූ අවස්ථාවක කළු දෙබරු මතුවීම නිසා ගවේෂණ කටයුතු අතරමග නතර කර දැමූ පුවතක් වසර කීපයකට පෙර පුවත්පතක පළකර තිබුණි.
යක්ෂ ගෝත්‍රිකයන් යනු, ඉදිරියට නෙරා ගිය වටකුරු රත් පැහැ ගැනුණ ඇස් ඇති වැඩුණු පොකුටු හිසකෙස් සහිත ශරීරය පුරා ලෝම ඇති විශාල දත් සහිත මුඛයක් සහ මුඛය දෙපසට විහිදුණු දළ දෙකක් ඇති මස් අනුභව කරමින් රුධිරය බොන ඉදිරියට නෙරා ගිය උදරයක් ඇති වනචාරී භයානක පිළිකුල් සහගත අමනුෂ්‍ය කොටසක් ලෙස හුවා දක්වමින් මනඃකල්පිත චිත්තරූප මවමින් උත්සාහ දරා ඇත්තේ අපගේ ආදි හෙළ මුතුන් මිත්තන් වූ යක්ෂ ගෝත්‍රික ජනතාවගෙන්​ හෙළයා පැවත එන බව වසන් කර හෙළයා පැවතෙන්නේ ඉන්දීය සම්භවයෙන් බව ඒත්තු ගන්වා දේව ගෝත්‍රිකයන් ඉස්මතු කර පෙන්වීමට බව පැහැදිලිය.
වැඩකට ගියාම යක්කු වගේ යන කියමනක් අපේ ගැමි සංස්කෘතිය තුළ භාවිත වෙමින් පැවැතීමට හේතුව යක්ෂ ගෝත්‍රික ජනතාව කඩිසර කාර්යශූර බුද්ධිමත් ජනතාවක් වූ නිසාය.
උපුටා ගැනීම -සිළුමින් පුවත්පත්








රාවණා රජුගේ ඖෂධ උද්‍යානය ,මල් උද්‍යානය මෙන්ම වනෝද්‍යානය ද මෙරට පැවතිනිදැයි කියා මෙරට විවිද ප්‍රදේශවලින් ඒ පිලිබද තොරතුරු ලැබෙතැයි ජනප්‍රවාදයේ පවතී .ස්තානය ස්තීර වශයෙන්ම දන්නා කිසිවක් නැත .මේ පිලිබදව පවතින මත සියල්ලම මනංකල්පිතය.එසේනම් මේ උද්‍යානය පවතින්නේ කොහේද?

නුවරඑළිය හග්ගල මල්වත්ත හෙවත් හග්ගල උද්‍යානය බවට පත්වූයේ රාවණාගේ ඖෂධ උද්‍යානය බවට පලවෙන මත අනන්තය.රජෙකුගේ ඖෂධ උද්‍යානය හග්ගල මල්වත්ත තරම් කුඩා එකක් වන්නට නොහැකිය .හග්ගල මල්වත්ත යනු පැය තුන හතරක් ඇතුලත සංචාරය කර අවසන් කල හැකි ස්තානයකි.එහෙත් අතීතයේදී හග්ගල මල්වත්ත සතුව පැවති භූමිභාගය අති විශාල වී තිබී වර්තමානයේදී ඉන් විශාල ප්‍රමාණයක් ජනාවාස බවට පත්වී ඇතැයිද කියනු ලැබේ.හග්ගල මල්වත්ත වටේටම පවතින ජනාවාස හේතුවෙන් මෙම ප්‍රකාශයේ සත්‍යක්ද ඇතැයි සිතිය හැක.

රාවණා රජුගේ මල් උයනේ තිබී ඇත්තේ අශෝක මල් වර්ගයන් ය.රාවණාගේ අශෝක උයන නමින් හැදින්වෙන්නේ එහෙයිනි.අශෝක මල්,මහරත්මල් නමින්ද හදුන්වයි.මාතලේ,මහනුවර,හා නුවරඑළිය ඇතුලත මද්‍යම පලාතේ පුරාණය වූයේද මහරත් මල් ය.එය එසේ වූයේ මහරත්මල මද්‍යම පලාතේ අනන්‍යතාවය පලකරන නිසා වන්නට හැකිය.මෙම ලිපියේ ඉදිරියට මහ‍රත්මල වෙනුවට අශෝක මල කියා හදුන්වන්නෙමි.

අතීතයේ එනම් ක්‍රි.පූ යුගයටත් එහා යුගයේ මෙරට අශෝක මල් උයනක් පැවතියා නම් එහි නටඹුන් වර්තමානයේ වුවද නොපවතින්නට හේතුවක් නැත .රාවණා ඇතුළු යක්ඛ ගෝත්‍රික රජවරුන් මෙරට පාලනය කල යුගය නෙත්‍රා යුගය නමින් හැදින්වේ .රාවණා බදුල්ල අගනගරය කරගෙන රට පාලනය කල බවද ඔහුගේ දුර්ගම නගරය නුවරඑළිය වී යැයිද ප්‍රකට තවත් මතයකි.එසේනම් රාවණා ඒ අවටම සිටියා වන්නට නොහැකිද?.අශෝක මල් වර්තමානයේ ද සුලබව දක්නට ඇත .විසිතුරු මලින් බරවන ශාකයකි .මද්‍යම කදුකරයේ මුදුන් ස්තානවල විශේෂයෙන්ම මුහුදු මට්ටමේ සිට අඩි 5000 කට පමන ඉහළින් පිහිටි භූමිවල දැනටත් දකින්නට ඇත .නනුවරඑළිය ,සීතාඑළිය,හාවාඑළිය,සදතැන්න,හෝටන්තැන්න ,කදපොළ,මීපිලිමාන,අඹේවෙල,පට්ටිපොළ ,යනාදී ප්‍රදේශවල අශෝක ගස් තිබෙනු දක්නට ඇත .එසේනම් මේ සුවිශාල ප්‍රදේශය රාවණාගේ අශෝක උයන පිහිටි ප්‍රදේශයම කියා නිගමනය කල හැකිය .

දුම්රියෙන් යද්දී නාවලපිටිය ,බදුල්ල අතරදී මග දෙපස අශෝක ගස් තිබෙනු පෙනේ.රම්බොඩ හරහා නුවරඑළියට ගමන් කරන විටද අශෝක ගස් තිබෙනු පෙනේ.ගැවසි කදු බෑවුම්වල ඇව්පතන බිම්හී හෝපලු වැනි මල් ඇති ගස් වර්ගයක් දක්නට ඇත .මේවා බොහෝමයක් වැවෙන්නේ නුවරඑළිය ,බණ්ඩාරවෙල හා බදුල්ල යන නගරවලට අයත් වූ ත්‍රිකෝණාකාර බිම් කොටස් වල බවද 1948 දී රචිත පීපල් ඔන් සිලෝන් නම් ග්‍රන්ථයේ සදහන්ව ඇත .මෙහි ගෝපාල නමින් හදුන්වනුයේ අශෝක මල් නොවන්නේද?.1818 ඌව/වෙල්ලස්ස කැරැල්ල නිසා මෙරටට සිදුවූ විනාශය ගැන සොයාබලද්දී දේශ සංචාරයක යෙදුණු දොස්තර ජෝන්ඩේව් රචිත “”ලංකාවේ අභ්‍යන්තරය එහි ජනයා හා ඒ දිවයිනේ චාරිකා “”(ඩේව් දුටු ලංකාව ) නැමැති ග්‍රන්ථයේ හී අශෝක මල් පිලිබඳව ප්‍රමාණවත් විස්තර සදහන් වී ඇත .ඔහු නුවරඑළිය ප්‍රදේශයේ ස්වාභාවික සෞන්දර්ය වින්දනය කරමින් අශෝක ගස් පිලිබඳව මෙසේ සටහන් ජර ඇත .

“”අශීක මල් වැනි සහිත ගස් විශේශයක් ඇති මල් සහිත ගස් වර්ගයක් ඇති මිටි ලදු කැලයක් වටවූ අති විශම භූමි භාගයක් වෙත ගමන් කලෙමු.කිකිළියාමාන නම් එළිමහන් භූමියකට පෙ.ව.දහයට පමන පැමිනියෙමු.අශෝක ගණයට අයත් ගස් ප්‍රදාන වශයෙන් වටවී ඇත .මේ වර්ගයට අයත් හුදකලා ගස්ද අතරින් පතර ඇත .අති විශාල අණාවරණ ප්‍රදේශයකට පැමිනියෙමු.මෙහි දර්ශනය සිත්ගන්නා තරමටම අලුත් විය.මගපෙන්වන්නෝ එය නුවරඑළිය පතන යයි හැදින්විය .තනි ගස් ගොන්නවල් වශයෙන් සිට අතන මෙතන පිහිටි විශාල හුදකලා අශෝක ගස් එක්වී ඇති අතර දර්ශනීය පෙනුමක් පහලකර චිත්තකාන්ත භූමි දර්ශනයක් නිපදවීමට සමත් වේ.””

ඉංග්‍රීසීන් විසින් රචිත ග්‍රන්ථවලින් නුවරඑළිය හා ඒ අවට උස් බිම්වල තිබූ අශෝක ගස් ගැන විග්‍රහකොට ඇත්නම් අදටත් මේ ප්‍රදේශවල අතන මෙතන හුදකලා අශෝක ගස් දක්නට ඇත්නම් ඒ රාවණාගේ අශෝක වනය තිබුණේ නුවරඑළියේ බවට හා ඒ අවට ප්‍රදේශයේ බව සනාථ කිරීමට වෙනත් සාදක අවශ්‍යය නැත .

රාවණා දඹදිව සිට පැහැරගෙන ආ සීතා දේවිය සගවා තැබුවේ මේ අශෝක මල් උයනේ බවද සීතා සොයා ආ හනුමාන් සහිත පිරිස දිවයිනේ සතර අතම සොයාබලා අශෝක උයනට පිවිසි බවට රාමායණයේ සදහන් වේ.රාමායණය විග්‍රහ කරන අශෝක වනය නුවරඑළියට ආශ්‍රිතව පිහිටි අශෝක වනයම නම් එකල ගසින් ගස එකට ගැටී රුක්ගොමු මලින් පිරී පැවති අශෝක වනය අද අතන මෙතන කලාතුරකින් පමනක් දක්නට ලැබෙන අශෝක ගසින් හිග ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ මන්දැයි ප්‍රෙහෙලිකාවකි.රාමායණය කියනා පරිදි හනුමාන් අශෝක වනයේ සීතා දේවිය දෙස බලමින්ම මද්‍යම රාත්‍රිය ගතකල අතර හනුමාන් උයනේ තිබූ ගස් පෙරලා දමා උයන විනාශ කලේය .අශෝක වනය විනාශ කරන්නට වූ හනුමාන් අල්ලාගත් රාවණා රජු උගේ වලිගයට පාංකඩ ඔතා ගිනිතබන ලදී.යන ප්‍රකාශවලින් ඇගවෙන්නේ හනුමාන් විසින්ම අශෝක වනය විනාශ කරන්නට ඇතැයි කියාය.එම විනාශය නිසා අශෝක ගස් වදවී ඒවා බෝවීම වැලකුනා වන්නට ඇත .

අශෝක ගස යනු අප දන්නා අයුරින් ඉතා ඉක්මනින් දලුලා වැඩෙන ගස් වර්ගයක් නොවේ.එහි වර්දනය සිදුවන්නේ ඉතා සෙමිනි.ගස අගල් හතරක් පහක් උස යන්නට අවුරුදු දහසක් පහලවක් අතර කාලයක් ගතවේ.දැනට අශෝක ගස් යායක්ම ඇත්තේ හෝටන්තැන්නේ පමනි.ඒවාද තවමත් කුඩා පැලෑටි වේ.අතීතයේ විනාශයට පත් අශෝක වනය කාලයාගේ ඇවෑමෙන් ලියලා වැඩෙන ආකාරය මනරම්වේ.එමෙන්ම අශෝක යනු ප්‍රබලම ඖෂධයක් වේ.ආදායම් උපයා ගැනීමට අශෝක ගස් කපා පොතු අලෙවි කරගත්තාද වන්නට හැකිය.දැනට මෙම ගස් කැපීම ප්‍රවාහනය ආදිය දඩුවම් ලැබීමට ප්‍රමාණවත් වේ.

රාවණා විසින් සීතාට කන්නට දුන් කිරිබත් කෝපවී සිටි ඇය දසත විසිකල බවද ඒවා පාශාණිගත වූ බවද ඒවා සීතා කැට,සීතා ගුලි වශයෙන් හදුන්වයි.දැනටද පොලව කොටන විට හමුවන අතර මෙම සීතා කැට,සීතා ගුලි ,හෝ සීතා අග්ගලා ලෙස හදුන්වයි.ගලගා බොන්නට දීමෙන් බඩේ රුදාව සුව වන බවට විශ්වාසයක් පවතින බවද මෙය අත්දුටු අයද අදටත් නුවරඑළිය ප්‍රදේශයේ ඇත .අශෝක වනයේ අදුරු ගක්ගුහාවක තැබිනි.මේ හේතුව නිසා සීතාට ඇස් රෝගයක් සෑදුන අතර එය සුවපත් කරන්නට හිරුඑළිය ස්පර්ශ කිරීමට ඇය රැගෙන ආ එළිමහන පසුකාලීනව සීතාඑළිය නමින් ප්‍රකට වූවද එම ස්තානයේදී වර්තමානයේ සීතා අම්මාන් කෝවිල ඉදිවී ඇතැයි කියා ජනප්‍රවාදයේ ඇත .

මීට වසර කිහිපයකට පෙර සීතාඑළියේ ලිදක් කැණීමේදී එහි තැනක හනුමාන්ගේ සුවිශාල රූපයක් මතුවූ බවද සියැසින් දුටුවන් පවසයි .එම භූමියේ හිමිකරුට ප්‍රශ්න රාශියකට මුහුන දීමට සිදුවූ නිසා ලිද වසා දැමුනු අතර ඉන්පසුව එන පදිංචිකරුවන් හට එහි වාසය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වූ බවද සදහන් වේ.රාවණාගේ මලසිරුර නරක් නොවී රැකගැනීමට වලපනේ මහාකූඩගල පර්වතයේ ගල්ගුහාව්ක තැන්පත් කර ඇතැයිද මතයක් ජනප්‍රවාදයේ පවතී.මහාකූඩගල ඇත්තේද නුවරඑළියට ආසන්නයේම්ය.නිරාහාරව සිටීමෙන් සීතාට බඩේ අමාරුවක් සෑදුණු අතර එය සුවපත් කිරීමට හනුමාන් දඹදිව සිට ගෙන ආ ඖෂධ ගලේ ඉතිරි කැබැල්ල ලියලා වැටී වලපනේ නීල ගරුඩ ගල තැනුන බවට මතයක් පවතී .එයද රෝගාබාධවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ.

1999 වසරේ ජනවාරි 6 වන දින ඇතුළුව තවත් කිහිප දිනක්ම ලොව වසන හින්දු බැතිමතුන් විශාල පිරිසක් සීතාඑළිය ප්‍රදේශයට රැස්ව එහිදී රාම පූජා පැවැත්වූ අතර ඔවුන් හග්ගල ,සීතාඑළිය ,හග්ගල කදුවැටියට වැද නමස්කාර කලේ අප්‍රමාණ භක්තියකිනි.අශෝක ගසද ඔවුන්ගේ වන්දනාමානයට ලක්විය.රාම පූජා සීතාඑළියේ පැවැත්වූයේ රාවණා පැහැරගෙන ආ සීතා සිය පතිවෘතා ධර්මය ආරක්ෂා කරගත් සීතාඑළිය ශුද්ධ භූමියක් ලෙස හින්දූන් පිලිගත් නිසාවෙනි .සිය පතිවෘතා බල මහිමය විදහා පෑමට සීතා ගිනි ජාලාවකට පැන්න අතර ඇගේ පිරිසිදු පතිවෘතා ව නිසා ඇයට කිසිදු හානියක් නොවීය.මෙසේ සීතා තම පිරිසිදු බව තහවුරු කල ස්තානයේ දිවුරුම් වෙළ පුරාණ රජමහා විහාරය ඉදිවී ඇත .එය ඇත්තේද නුවරඑළියට නුදුරු ප්‍රදේශයකය.හග්ගල කන්දේ අදටද මහත් ආශ්චර්යජනක ,අත්භූත දේ සිදුවන බවට සියැසින් දුටුවන් පවසයි .ගල්ගුහා ,ගල්පඩිපෙලවල්,ගල් ආසන එහි පවතින්නේ යයිද එහි ඇති ගස්වල උස අඩි හතරක පහක කදන් සහිත බවද් ගස් කදන් ඇඹරුන ස්වල්පයක් පලකරන්නේ යයිද දුටුවන් පවසයි .එසේනම් අශෝක වාය පවතින්නේ නුවරඑළිය ආශ්‍රිතව බව සනාථ කිරීමට තවත් සාක්ශි අවශ්‍යය වන්නේ නැත .

සීතාදේවිය දිවුරුම් දුන් දිවුරුම් පොළ
……………………………………………………

කාන්තාවක පතිවෘතා ධර්මය දිවිහිමියෙන් ආරක්ෂා කිරීම හෙවත් පතිවත රැකීම කෙතරම් බලගතු දැයි සීතාදේවියගේ කතාවෙදී අපට මැනවින් ඔප්පු වේ පතිවත මායිම් නොකරන වර්තමාන සමාජයට මෙය කදිම උදාහරණයක් වේ.සීතා වෙනුවෙන් කල යුද්දයේදී දෙපසින්ම මියගිය ගනන කෝටි ගනනකි.රාම මෙන්ම ප්‍රතිවාදියා වූ රාවණා කරට කර සිටීම නිසා යුද්දය මහා දරුණු විය.යුද්ධය අවසන් වනතුරුම සීතා හිටියේ අශෝක වනයේ රාවණාගේ දැඩි ආරක්ෂාව මතය.දැඩි ශෝකයට පත්ව හැඩූකදුලින් ඇය කාලය ගතකලාය.ඇය ඇදසිටියේ කිලිටි වූ වැරහැලි ඇදුම් ය.අලංකාරව තිබූ කේශකලාපය හැඩතල ගෙතී තිබිනි.ආහාර නොගැනීම නිසා සිරුරද කෙසග වී රූපයද අවලක්ෂණ කරගෙන ඇය කාලය ග්ථකලාය.

රාම රාවණා යුද්දයේ එක් අවස්තාවකදී රාවණාගේ බලගතු ප්‍රහාරයකින් මැරී වැටුනු රාමට ලක්ශ්මට ජීවත් වීමට වරම් දුන්නේ හනුමාන් ය.යුද්ධයෙන් පසුව සියල්ල සීතාව බැලීමට අශෝක වනයට ගියාය.එවිට විභීෂණ රජුගේ බිරිද වන සුරමා රැජින පැමින සීතාව ස්නානය කරවා සුන්ද්‍ර වස්ත්‍රාභරණ වලින් සරසව මනමෝහිණීය රූ සපුවකින් යුක්තව සිය සැමියා වන රාම වෙත යැව්වය.මෙහිදී රාම ඇගේ පතිවත ගැන සැකකල නිසා ඇයට අග්නි පරීක්ෂණයක් කර පෙන්වීමට රාමා අණකලාය.එහෙත් පතිවෘතා බලයේ ඇති අසාමාන්‍ය අඅද්විතීය බලවේගය නිසා සීතාව පිලිස්සුනේ නැත .රාම සහ ඔහුගේ පිරිස සීතා පිරිසිදු තැනැත්තියක ලෙස විශ්වාස කලේ ඉන් පසුවය .මේ ලෙසට සීතා දේවිය දිවුරුම් දුන් ස්තානය පිලිබඳව මත කිහිපයකි .එකකින් කියවෙන්නේ ඇය දිවුරුම් දුන්නේ මුහුදු වෙරළ ආශ්‍රිතව වෙරළේ ගැසූ ගිනි ගොඩකදී බවය.අනික් මතය නම් සීතාඑළිය ට නුදුරින් නුවරඑළිය වැලිමඩ මාර්ගයේ පිහිටි දිවුරුම් පොලක ඇය දිවුරුම් දුන් බවයි.එහි ඇය දිවුරුම් දුන් ස්තානයේ අද දිවුරුම් පොල පුරාණ රජමහා විහාරය ඉදිකර ඇත .කලක් දිවුරුම් පොල නමින් හැදින්වූ මෙම රජමහා විහාරය අද දිවුරුම්වෙළ නමින් හදුන්වයි .

දිවුරුම්පොල රජමහා විහාරය අසල ස්ත්‍රීපුර නම් කදුවැටියක් ඇත .එහි සුප්‍රසිද්ධ ගල්ගුහාව ක් තිබේ.රාවණා රජු දඹදිව සිට පැහැරගෙන ආ සීතාව සගවා තැබූවේ මෙම ගල්ගුහාවේ බව සදහන් වේ.මෙම ගක්ගුගුහාවට අනුබද්දව උමං මාර්ග තුනක්ද ඇත .එකක් නුවරඑළියේ සිට සීතාඑළිය ටද,අනික ඇල්ල වැල්ලවාය පාරේ රාවණාගේ දිය ඇල්ලටද,අනික බණ්ඩාරවෙල දෝවා පන්සලටය.මෙම දිවුරුම්පොල පන්සලේ හිද බලනතෙක් මානයේ ගම්මානයක් පෙනේ.එය රාම ලංකාගම ලෙසින් හදුන්වයි .රාම හා ලක්ශ්මණ සීතා සොයා ලංකාවට පැමින ගොඩබැස්සේ මේ කියනා ගමටය.සීතා දේවිය පතිවෘතා බලය පෙන්වීමට ගින්නට පැනපු ස්තානයේ අද ඇත්තේ බෝධියකි.එකල මෙතන නඩුහබ විසදූ උසාවියකි.විත්තිකරු හා පැමිනිලිකරු දෙදෙනාම මෙතැනට ගෙන්වයි .වරදකරුට දෙන දඩුවම වන්නේ නැවත වැරදි නොකරන්නේ යැයි දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීමයි .

මෙය රාවණා පුරාවෘත්තය ට අයත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්තාන පිලිබඳව ලියවෙන පලමු උදාහරණයක් වේ.පුරාණයේ ඌවේ සිට කොත්මලේ දක්වා අඩිපාරක් තිබුණේ සීතාඑළිය හරහාය.හාත්පස දෙපස ගන වනාන්තරය යි.මෙහි කලාතුරකින් හෝ යන එන්නෙකුට මෙම ස්තානයේදී ආශ්චර්යජනක අත්භූත සිදුවීම් වලට මුහුනදීමට සිදුවිණි .මෙතැන හාස්කම් ඇති තැනක් යයි සිතූ ජනයා එහි වූ ගසක් මුල ගලක් තබා පහනක් දල්වා පුද පූජා කර ගමන් බිමන් යාමට පුරුදු විය.පසුකාලීනව මෙහි කුඩා කෝවිලක් ඉදිකෙරෙන .අද සීතාඅම්මාන් කෝවිළ එය වේ.

සීතා කැට,සීතා ගුලි නමින් හදුන්වනුයේ මොනවාද ?
…………………………………………………………………………

සගවාගෙන සිටි සීතාට රාවණා විසින් ආහාරයට දී ඇත්තේ කිරිබත් ගුලිය.රාවණාගෙන් වෙන්ව දුක පත්ව හැඩූ කදුලින් කල්ගතකල සීතා ආහාර වර්ජනය කලාය.ඇය තරහින් ශෝකයෙන් ඒ කිරිබත් ගුලි හැමතැනම විසිකර දැමුවාය.පාශාණභුත වී වර්තමානයේ පවා පොලව කෙටීමේදී හමුවන්නේ මෙම කිරිබත් ගුලි බව ජනප්‍රවාදයේ එන මතයකි .මේවා සීතා කැට ,සීතා ගුලි නමින් හදුන්වයි .

අනූව දශකයේ පමන රාම රාවණා සීතා ප්‍රවාදය සනාථ ක්රන ආකාරයේ සාදකයක් සීතාඑළියේ ඉඩමකින් හමුවී ඇත .ඉඩම් හිමි එහි වලක් කපන්නේ වත්තේ වගාවන්ට දැමීමට ජලය ලබාගැනීමට ලිදක් හාරාගැනීමටයි.වල අඩි අටක් දහයක් පමන ගැඹුරු වේ.එම වල තුලින් හනුමාන්ගේ පිලිරුවක් මතුව ඇත .එය කිසියම් පාශාණයකින් නිර්මාණය වී ඇති බව දුටුවන් පවසති .සීතාඑළිය ප්‍රදේශය මැණික් උල්පතකි.සීතාඑළිය ආසන්නයේ මහාමාර්ගයකින් එන වංගුවක් හැදින්වෙන්නේ මැණික් වංගුව කියාය .මැණික් වංගුවට පහල ප්‍රපාතයේ ගල්ගුහාවක් ඇතැයිද එහි චීවරදාරියෙකු වාසය කලා යයිද එම ස්තානයේ මැණික් ගැරුවේ යයිද පැරැණිතම ජනයා පවසති.අදද එම රක්ශිතයේ හොරෙන් මැණික් ගරන්නන් බහුලය.

රාවණා අදටත් ජීවතුන් අතර
………………………………………

රාවණා රජු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි.අප පැවත එන්නේ විජයගෙන්ද,රාවණාගෙන් ද යන්න් මහත් ගැටලුවකි .ඒ තරමටම රාවණා රජු අප ඉතිහාසය සමග බැදි ඇත .රාවණාගේ ගෝත්‍රය යක්ඛ වුවද පෙනුම මනුස්ස ස්වාභාවයෙන් පැවති බව බොහෝ විද්වතුන් අදහස් දක්වා ඇත .රාවණා පිලිබඳව තොරතුරු ගවේෂණය කර ලංකාවේ පිහිටි බවට සනාථ වූ දාට අප පැවත එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන් තොරව පිලිගන්නට සිදුවනු ඇත .රාම ලක්ශ්මණ සීතා මනුශ්‍යයයෝය.එහෙත් මිනිස් වෙසින් උන් රාවණා ව මිනිසෙක් ලෙසට පිලිගන්නට ඔවුන් අකමැති විය .එවකට ලංකාවේ විසූ රාවණා හා ඔහුගේ පිරිස විශ්මිත අත්භූත දේ කිරීමට අටහෛ දක්ශයෝ වූහ.රාවණා ට උපතින්ම යන්ත්‍ර මන්ත්‍ර වැඩ කිරීමට අත්භූත බලයක් ලැබී තිබුණි .සීතාව කාටත් හොරා පැහැරගෙන එන්නට හැකිවූයේද ඒ අත්භූත බලවේගයකින් වන්නට ඇත .මෙවන් විශ්මිත දේ කිරීමට හැක්කේ යකුන්ට මිස මිනිසුන්ට නොවේ යන්නට සිතූ දඹදිව වැසියන් එදා ලංකාව දෙස බැලුවේ යක්ශයන් දෙස බලන ආකාරයටය.

කෙසේ නමුත් වාල්මිකීගේ රාමායණය නිසා රාවණාගේ බලපරාක්‍රමය බලෙන්ම යටපත් කර ඇත.බලය කිසිදා පැන නොනගින ලෙසටම වලදමා ඇත .මුලු ලොවම රාවණා දුශ්ඨයෙකු ලෙස දකින්නේ එහෙයිනි.රාමා ලක්ශ්මණ දෙදෙනා මුලු ලොවම ඉදිරියේ ඉස්මතු වී ඇත .එබැවින් වර්තමානයේ ද බලය පවතින්නේ රාම ලක්ශ්මණ හනුමාන්ගේ පමනි.එහෙත් කිසිදා සත්‍යය වසන්කල නොහැකිය .තාවකාලිකව යටපත් කලද සත්‍යය කෙදිනක හෝ ජයගනී.

රාවණාගේ රුව පිහිටුවා ඉදිකෙරුණු පලමු දෙවොල වලපනේ ශ්‍රී රාවණා පබ්බත මහා විහාරයේ ඉදිකෙරිනි.දෙවන රුව තැන්පත් කරමින් දෙවන දෙවොල ඉදිවූයේ කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විහාරයේ ය.රම්බොඩ යන්නෙන් අදහස් කරන්නේ රත්තරන් ආයුද යන්නයි .රත්තරන් ආයුද බොහෝ ස්ෙයින් තැන්පත් කර ඇති නිසා මෙය රම්බොඩගල්ල යනුවෙන් හැදින්වේ .

රාවණා රජු වේරබ්භ වාතයේ සැගවූයේ චන්ද්‍රිකාද
………………………………………………………………………

එක් කලෙක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත්විය.එහෙත් අදවන විට එම ග්‍රන්ථ වීර කාව්‍යයන් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී ඇත .එයට පදනම වැටුණේ වසර ගනනක් මුලුල්ලේ සිදුකරන පුරාවිද්‍යාත්මක අධ්‍යනයයි.බොම්බයෙන් සැතපුම් දෙසීයක් පමන උතුරට වන්නට කුම්බේ බොක්කේ මුහුද යට
සැගවී තිබූ ජනස්ථාන් නම් නගරය සොයාගැනීමට සාගර දූශණ කොමිසමට නොහැවූයේ එලෙසිනි.එය වැඩිදුරටත් ගවේෂණයහරහා එය රාමායනයේ සදහන් වන රාවණා රජුගේ සොයුරන් වූ ඛර සහ දුශණ විසින් පාලනය කල දණ්ඩ කාරුණය බව සොයාගෙන ඇත .එහි උපසිරසිය වූයේ කුම්භාණිය මෙහි ප්‍රදාන ලෙසින්ද ජනස්තානය ලෙසත් හදුනාගැන්මට ලැබිනි .මේ සොයාගැනීමෙන් ඉන්දියානු වීර කාව්‍යය අද්‍යනය ඇරඹුණු අතර මහාභාරතයේ මෙන්ම රාමායණයේ සදහන් බොහෝ නගර මේ ඔස්සේ හදුනාගෙන ඇත .ජනස්ථාන් නගරය කාල නිර්මාණය කිරීමේදී එය වසර 10000 කට වඩා පැරණි බව සොයාගැනීමත් සමගම ඉන්දියානු ඉතිහාසය වසර 8000 පමන ඈතට දිවගියේය.දණ්ඩ කාරනය රාවණාගේ සොයුරා පාලනය කල් නගරය බව ඉන්දියානු ජනයා පිලිගනිද්දී තවදුරටත් අප සමාජය රාවණා ව පිලිනොගන්නේ මන්දැයි ගැටලුවකි .ඉතිහාසය දිගුකර ගැනීමට හෝ වෙනස් කර ගැනීමට අපට අවශ්‍යය නැත .එහෙත් විද්‍යාවෙන් හෝ පුරාවිද්‍යාවෙන් සනාථ නොවූ පලියට ඒවා මිත්‍යාවන් හෝ අසත්‍යන් ලෙස බැහැර කල නොහැකිය .යටත් විජිත සමයේ ලංකා පොලවේ සැගවී තිබූ අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට ඕනතරම් සාක්ශි ඇත .පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිට වූයේ කුමක් අරබයාද යන්න ඉංග්‍රීසි ජාතික බෙල් පිලිබඳව අධ්‍යනය කලවිට කරුනු අවබෝධ වේ.බොහෝ දෙනෙක් රාවණා පිලිබඳව කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූකල එසේනම් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම මෙන්ම බලියාග ක්‍රම සියල්ලම ඉවත දමා ඇත .මක්නිසාද යත් ඒ සියල්ලම විද්‍යාවට හසුනොවන නිසාය.

මීට පෙරදී අප පෙන්වාදුන් ස්තානවලින්ම ඒ කියූ පරිදිම උමං මතුවිය .අප රාවණා යුගයේ ජල තාක්ෂණය යන ලිපිය තුල සිතියම් ගතකර දැක්වූ අයුරින්ම උමා ඔය ව්‍යාපෘතිය තුළ උමං මාර්ග සොයාගැනීමට හැකිවිය.සාදින්නාගල උමග එලෙස හමුවූ තවත් උම්ං මාර්ගයකි.ඉදිරියට සොයාගනු ඇතැයි කී හෙළයන්ගේ පලිගු පිරමීඩය ග්‍රීන්ලන්තයෙන් සොයාගෙන අවසන් වේ.එමෙන්ම සක්‍රීය මට්ටමේ සක්වල දොරටුවක් සහිත පිරමීඩයක් රාවණාගේ ශක්තිය හරහා මතුවන බවද පැවසීය .2012 වසරේදී අග භාගයේදී මෙක්සිකෝවේදී සොයාගත් දෙවන මායා පිරමීඩයෙන් මතුවූ සක්වල දොරටුව ලොව මෙතෙක් සොයාගත් අද්විතීයම සක්වල දොරටුව බව මේ වනවිට සනාථ වී ඇත .එනිසා මේවා අහම්බයක් නොවන් බව මට සිතේ.

මීට වසර ගනනකට ඈත අතීතයේ ලියවුන රාමායණයේ සිදුවීමකි මේ.අතීතයේ සදහන් ආකාරයට රාවණාගේ බලගතුමාවි තුනක් වේරගම වාතයේ සගවා ඇති අතර අවශ්‍යය විටදී පමනක් හමාලයේ මුදුනට ගොස් එම වි ලබාගත් බව සදහන් වේ .රාමායණය සත්‍යක් වන තැනට තොරතුරු මතු කරගෙන ඇත්නම් මෙහිද සත්‍යයක් තිබිය යුතුය .වේරම්භ ව්තය විද්‍යාත්මක පදනමක් සහිතව සොයාගනු ලබන්නේ 1941 දීය.පෘතිවි මට්ටමේ සිට අඩි 25000/30000 ක් ක උසකින් පෘතුවිය වටා ගමන් කරනා ශක්ති ධරාවකි.ගුවන් යානා භාශාවේ මෙය හදුන්වන්නේ ජෙට්ස්ට්‍රීම් යනුවෙනි .මෙම වායුදාරාව තුලදී එක් පසෙකට ගමන් කිරීමේදී යානයට දෙගුණයක් වේගය ලැබෙන අතර අනෙක් පසට ගමන් කිරීමේදී එහි වේගය අඩකින් අඩුවීමද සිදුවේ පහල තාක්ශණ මට්ටම ලෙස හැදින්වෙන්නේ මෙයයි

රාමායණය තුල වේරම්භ වාතයේ සැගවූ රාවණාගේ ආයුද තුනක් පිලිබදව කතාකිරීමට හේතුව පැහැදිලි වේ.යුද්දයක බලගතුම අවිය වන්නේ තොරතුරු තාක්ශණය යි.ඇමරිකාව ලොව පුරා සියලු රටවල තොරතුරු ගන්නේ චන්ද්‍රිකා හරහාය.එනම් මෙහි ස්තානගත වල චන්ද්‍රිකා තුනක් හරහා තොරතුරු ලබාගැනීමේ ක්‍රම වේදයක් රාවණා රජු භාවිතා කලේයයි කීම පදනම් විරහිත නොවන්නකි.යුද්දයක් ජයගැනීමට මෙන්ම ලොව ජනාවාස කල හෙළයන්ගේ ප්‍රදානම අවිය වන්නට ඇත්තේද මෙයයි.මෙය බහුතරයකට විහිලුවක් වන්නට පුලුවන.

එහෙත් පසුගිය කාලයේ ගිලීයාමෙන් සොයාගත් නැවකින් වසර 2000 කට වඩා පැරණි පරිඝණකයක් සේ හදුනාගත් ඇන්ටිකකරියා මැශිම විහිලුවක් යයි පැවඩිය නොහැකිය.එය නූතන විද්‍යාවෙන්ද පිලිගෙන ඇත .කඩාවැටුණු පිටසක්වල යානාවක තිබූ පරිගණකයේ සේ යම් මත ඉදිරිපත් වූවත් පුරාවිද්‍යාඥයන් විසින් ඇන්ටිකකරියා මැශිමේ ආකෘතිය ක් නිර්මාණය කිරීමත් සමගම අදින් වසර දහස් ගනනකට පෙර පැවති පරිඝණක තාක්ශණීය ක්‍රමවේදයක් ගැන නැවත සිතන්නට අවස්තාව ලැබිනි .බටහිර විද්වතුන් ඉන්දියාවට මෙන්ම ලංකාවටද පැමින හදාරන ලද්දේ රාවණා ඉතිහාසය යි.ඔවුන් හෙළ දැනුම බටහිරට හෙන ගොස් තමන්ගේ සොයාගැනීම් ලෙස ලොවට හෙලිකර ඇත .

රාමායණයේ ඇති ආකාරයට රාවණා රජු වේරම්භ වාතයේ සැගවූ ආයුද ගැනීමට හිමාලයේ මුදුනට නැගිය යුතුය.මෙය ඉතා සරල කතාවකි.එහෙත් තාක්ශණය දන්නා හෙලයන් මෙහි ඇතුලාන්තය ගැන දැන සිටියහ.එවරස්ට් කන්දේ උස් අඩි 29029 කි.එනම් හිමාලය හරහා වේරම්භ වාතය වක්‍රානුකූලව ගලායයි.මෙහිදී ඉතා සියුම් ‍ක්‍රමවේදයකින් චන්ද්‍රිකාවක් තාක්ශණගත කිරීමට හැකියාව ඇත .වේරම්භ වාතය යනු ඒකාකාරීව පෘතුවියේ වටා ගමන් කරනා වායුදාරාවක් බැවින් මෙය නිරන්තරයෙන් භ්‍රමණය වීම සිදුවේ.අප කතාකරන්නේ නූතන විද්‍යාවෙන් ඔප්පු වූ රාමායණයේ සගවා ඇති විස්තර නොකල රාවණා රජුගේ දක්ශතා ගැනය.හෙලයන්ගේ යුගය පිලිබදව කතාකිරීමට මේ සුදුසුම කාලය යයි මට හැගේ.

(රාවණා ඇල්ල) පුරාවෘත්ත අභිරහස් රැසක්
………………………………………………………………………………
කැටිවුනු රාවණා ඇල්ල
…………………………………………

රාවණා ඇල්ල යනු අපේ රටේ සුන්දරම ලස්සනම දියඇලි වලින් එකකි.ඇල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් මෙය ඇල්ලවැල්ලවාය මාර්ගයේ (A 23)21 වෙනි කිලෝමීටර් කණුව අසල මෙම ඇල්ල පිහිටා ඇත.රාවණා ඇල්ලේ මූලාශ්‍රය වන්නේ කිරිදි ඔයයි.මුහුදු මට්ටමේ සිට අඩි 3445 ක උසකින් රාවණා ඇල්ල පිහිටා ඇත.උස අඩි 82(මීටර් 25) ඕවාලාකාර සහ අවතල ගල්කදු මතින් ඇදහැලෙනා මේ දියඇල්ල වනජීවී රක්ශිතයේ කොටසකි.ඇල්ල සම්බන්දව පුරාවෘත්ත ගනනාවක්ම අතීත තොරතුරු ඇතුලත් පොත්පත් ගනනාවකින්ම දැකගත හැකිය.රාවණා සීතාකුමරිය පැහැරගෙන පැමිණ සගවාගෙන තබාගෙන ඇත්තේ මේ ඇල්ල අසල පිහිටි ගල්ගුහාවක බව මතයක් ඇත.නමුත් කෙතරම් සුන්දර වුවද ඉතා අනතුරුදායක බව ජනයා පවසයි.ජලය පිරුණු ගැඹුරු වලවල් ,ලිස්සන සුලු ගල් පර්වත මෙහි බහුලය.වාර්ශිකව ජීවිත රැසක් බිලිගන්නා තැනක් ලෙස මෙතන ප්‍රකට වී ඇත .

2012 දෙසැම්බර් 19 වන දින ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනකින් රටට හෙලිකල රාවණා උමග පිලිබදව තවමත් මතකයේ ඇත.රාවණා ඇල්ලෙන් පහලට පිවිසෙන විට ඇති දුශ්කර ගමන් මාර්ගයකින් පඩුව ගුහාව අභ්‍යන්තරයේ පිහිටි විශාල පොකුණක් පිලිබදව තොරතුරු රටට හෙලි විය.කිසිවෙක් විශ්වාස නොකරන අන්දමේ සුවිසල් බිත්ති සහිත අති විශාල කාබර කිහිපයක්ම එම පොකුණ අසල ඇති බවට හෙලිවිය.සැගවී වැලලී යාමට තිබූ අගනා ඉතිහාසගත අපේ අනන්‍යතාවක් රටටප්ොක් හෙලිකිරීම පිලිබදව ගෞරවය වෙනස වැඩසටහනට අප ලබාදිය යුතුය.

මහත් ආන්දෝලනයක් ඇතිකල එම ගුහාව රාවණා රජු විසින් සීතා කුමරියව රදවා තබාගත් ස්ට්තානය යයි අනුමාන කිරීමට තරම් සාදක ඒ තුලින් බොහෝ හමුවි ඇත.විශාල වපරිසයකින් යුතු බ්භූගත එම පරිශ්‍රයේ ඇති අති විශාල කාබර,පිරිසිදු ජලයෙන් පිරි නිල් දිය පොකුණ එයට ප්‍රදාන සාක්ශ වේ.මෙම ගුහාව සොයාගත් කන්ඩායම පිවිසි දුශ්කර උමං මාර්ගයට අමතරව එම ස්තානයට ආරක්ශිතව පහසුවෙන් පැමිනිය හැකි උමං මාර්ගයන් තිබිය හැකි බවට අනුමාන කල හැක.මේ පිලිබදව ගවේශණය කිරීමට නොහැකිවූ තව විශාල ප්‍රමානයක් ඉතිරි වී ඇත .දිරාපත් වූ ගල් කැබලි එම නටබුන් රාවණා යුගය දක්වාම පැරණි බවට සාක්ශි දරයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ මේ පිලිබදව විදිමත් ගවේශණය ක් කර මේ පිලිබදව රටට හෙලිදරව් කරන්නේ නම් හෙළ ඉතිහාසය තුල සුවිසල් වෙනසක් සිදුවනවා නොඅනුමානය.

මහාවංශය විසින් හෙලිකරන ඉතිහාසය ට වඩා ප්‍රෞඩ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප එයට වැලලෙන්න ඉඩදී බලා සිටිනවාද?.රාවණාගේ යුගයටත් වඩා පැරණිඅපේ උරුමයන් මතුකරගෙන අනාගගත පරපුර වෙනුවෙන් දායාද කලහැකි වන්නේනම් කෙතරම් අගනේද?රාවණා රජු පිලිබදව ඉතිහාසගත කතා පුවත පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය ලබන ඉතිහාසය පොතට ඇතුලත් කරන්නේ නම් ඉතා අගනේය.මන්ද රාවණාගේ ජීවන චරිතයෙන් අපට ගත හැකි දේ බොහෝ ඇත .විද්‍යාත්මක කරුණු ,කලාව,වීරත්වය,මනා පාලනය,වැනි බොහෝ දේ අපට රාවණාගේ චරිතයෙන් ගත හැකිය.සීතාව පැහැරගෙන ආවායයිම කියමින් රාවණා ව පමනක්ම වැරදිකරු ක්ර වාල්මිකීගේ රාමායණය පමනක් අගය කරමින් අපේ හෙළ විරුවාණන්ගේ ඉතිහාසය වලලා දමනවානම් එය ජාතික අපරාදයකි.මන්ද අප මුලින්ම කලයුත්තේ අපේ කම අගය කිරීමය…

(හර්ශි )

උපුටා ගැනීම-විශ්මිත විශ්වය