මම දැක්කා කිහිප දෙනෙක්ම මේ ගැන අහලා තිබ්බා.හැමෝටම බලාගන්න ඔන්න විස්තරය දැම්මේ.ටිකක් දිග වුනා පෝස්ට් එක නම්.පහලම ඇති විස්තර යන විදිහ.
උතුරු මැද පළාතේ" පොලොන්නරුව දිස්ත්‍රික්කයේ" දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ" මනම්පිටිය ග්‍රාම නිලධාරි වසමේ" පිහිටි දිඹුලාගල ආරණ්‍ය සේනාසන පුරාණ විහාරස්ථානයේ ආරම්භය ක්‍රි'පූ' 03 වන සියවසේදී පමණ සිදුවී ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ' දුම්රක්ගල" ධූමරක්ඛ පබ්බත යන නම් වලින් හැඳින්වුණු මහා පර්වත ප්‍රදේශය දිඹුලාගලයි' පොලොන්නරුව මඩකලපුව පාරේ මනම්පිටිය පසු කොට ගොස් දකුණට හැරී දෙහිඅත්තකණ්ඩිය දෙසට යන පාරේ මද දුරක් ගමන් කිරීමෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ළඟා විය හැක.
දිඹුලාගල ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු විමසීමේදී විජයාගමනයටත් පෙර සිට නව මහවැලි ජනපද පිහිටූවිම දක්වාම පවතින විවිධ පුරාවෘත්ත රාශියකි' මෙම ප්‍රදේශයේ විජයාගමනයට පෙර දිඹුලාගල විසුවෝ යක්ෂ හා නාග ගෝත්‍රිකයෝ වූහ' එදා යක්ෂ පුරය නමින් හැඳින්වූයේ දිඹුලාගල ප්රදේශයයි' විජයගෙන් පසු පණ්ඩුකාභය කුමරු සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රදේශය පිලිබඳ ඓතිහාසික තොරතුරු දැක්විය හැක'
විජයාගමනයට පෙර මෙහි විසුවෝ යක්ෂ හා නාග ගෝත්‍රිකයෝ වූහ. එදා යක්ෂපුරය නමින් හැඳින්වූයේ අද අප මේ කථාකරන දිඹුලාගල ප්‍රදේශ යයි'.දිඹුලාගල අසල පිහිටි යක්පුරය යක්කුරේ නමැති වැදිගම පැරණි යක්ෂ පුරයේ මධ්‍යස්ථානය සේ සැලකිය හැක. මේ යක්පුර රාජධානියේ රාජභවනය පිහිටා තිබුණේ දිඹුලාගල කන්දේය. කුවේණිය ඇතුළු ශීර්ෂවස්තු පුරයෙහි යක්ෂයින් යක්ෂ පුරයේ දිඹුලාගල යක්ෂයින්ගේ බොහෝ දෙනෙක්ම දිඹුලාගලට පැමිණ පදිංචි වූ බැව් ද කියත. විජය කුමරුන් ලක්දිවට පැමිණ සමයේ දිඹුලාගලට යක්ෂ පුරයේ මහාසේන නම් බලවත් ප්‍රාදේශීය රජකෙනෙක් යක්ෂ ගෝත්‍රික රජ කෙනෙ ක්විසූ බැව් මුඛ පරම්පරාගතව පැවසේ.
පණ්ඩුකාභය රජ තෙමේ රාජ්‍ය ලබා ගන්නා තෙක් තමන්ට උපකාර කරණ ලද යක්ෂ සේනාධීපතීන් (චිත්‍ර සහ කාලවේල යන යක්ෂ සේනාධිපතීන්) උදෙසා දිඹුලාගල විහාරය අසල දේවාලයක් තනවා දී ඇති බැව් සඳහන් වේ'දිඹුලාගල තනවන ලද දේවාලය දැනට දිඹුලාගල විහාරය පිහිටා ඇති භූමිය අසල ඊට නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බැව් මුඛ පරම්පරාගතව පැවසේ'.
මින් පසු දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව ප්‍රථම වරට කරවන ලද විහාර අතුරින් එකක් ලෙස දිඹුලාගල විහාරය හැඳින්වේ' මීට අමතරව කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ හා මලියදේව මහ රහතන් වහන්සේ දිඹුලාගල මහා විහාරයේ වැඩ වාසය කර ඇති අතර මහා පරාක්‍රමබාහු රජ සමයේ දිඹුලාගල විහාරය ලක්දිව පමණක් නොව පිට රට වල පවා පතල කීර්තියක් ඇති විද්‍යා පීඨයක් බවට පත් විය' එකල ලංකාවේ ආගමික මධ්‍යස්ථානය වී ඇත්තේද දිඹුලාගලයි' අසල්වාසී බෞද්ධ රටවලින් සිය ගණන් ශිෂ්‍යයෝ ඉගෙනීම සඳහා දිඹුලාගලට පැමිණ ඇත' ඔවුහු මෙහිදී ධර්ම ශාස්ත්රෝඥාණය කර පඬිවරු බවට පත් වූහ' ග්රන්ථකරණය කළහ' භාෂා 18 ක් මෙහි ඉගැන්වූ බව කියැවේ' ඒ අනුව පෙනී යන්නේ එම භාෂා ශාස්ත්‍රයන්හි කෙල පැමිණිය උගත් භික්ෂුන් වහන්සේ සිටි බවය'
දිඹුලාගල මහා කාශ්‍යප සංඝ පීතෘවරයාණෝ සංස්කෘත ව්‍යාකරණ සම්බන්ධයෙන් එවකට ලක්දිව විසූ උසස්ම පඬිවරයා වූහ' දිඹුලාගලින් බිහිවුන ශ්‍රේෂ්ඨතම ගිහි පඬිවරුන් දෙදෙනෙක් නම් විද්‍යා චක්‍රවර්තී හා ගුරුළුගෝමිහුය'
යටත් විජිත යුගයේදී ලංකාවේ සෑම ස්ථානයක්ම ආවරණය කොට වරායන් කරා දිවෙන දුම්රිය මාර්ග සකස් කර ඇති අතර දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මනම්පිටියේ සිට මඩකලපුව දක්වා දිවෙන දුම්රිය මාර්ගයද එවැන්නකි'
නිදහසින් පසු යුගයෙහි නටඹුන්ව සහ කැළෑවෙන් වැසී ගොස් වැදි ජනතාවගේ රජ දහනක් වූ දිඹුලාගලට මාතර කිතලගම සීලාලංකාර හිමියන්ගේ සැපත්වීම විශාල පරිවර්තනයකට හේතු පාදක විය' ප්‍රදේශයේ සංවර්ධනය සඳහා සංවර්ධන කටයුතු ප්‍රාදේශීය නායකයෙකු මෙන් ඉටු කිරීමට නාහිමියන්ට හැකි විය'
දිඹුලාගල නැරඹිය හැකි ස්ථාන
අහස් මාලිගය
මාර වීදිය
ඔෞෂධ පොකුණ
නිල් දිය පොකුණ
නාමල් පොකුණ
කාශ්‍යප ගල්ලෙන
කිහිපයක් ලෙස පෙන්වා දිය හැකිය.
* දිඹුලාගල පන්සලේ සිට අහස් මාලිගය දක්වා පඩි සකස් කර මාර්ගය සාදා ඇති නමුත්.එය නැග්ම වෙහෙසකරය.අහස් මාලිගයේ සිට ඉහත මා සඳහන් කල ස්ථාන ඇතුලු විශාල ප්‍රමානයක් ගල්ලෙන් සඳහා යාමට අඩි පාරවල් ඇත.
* පන්සලේ සිට අහස් මාලිගය දෙසට නොගොස් භාවනා යෝගී භික්ශුන් වෙසෙන කුටි පසු කරමින් ගල් තලාව දිගේ ගමන් කර ඔෞෂධ පොකුන,,මාර වීදිය නරබා එතනින් ඇති අඩි පාරෙහි ගමන් කර ඉතිරි ස්ථාන නරඹා අහස් ගවුව වෙත පැමින එතනින් පන්සට පැමිනීම පහසුවක් විය හැක
දිඹුලාගල කන්දට එහාපැත්තෙන් තියන කන්දේ මැද පොඩි ගුහාවක තමා මේ කියන පොකුණ පිහිටලා තියෙන්නේ ඖෂධ පොකුණෙන් අදටත් ගැබිණි මවුවරුන්ට බොන්න දෙන්න වතුර අරගෙන යනවා..මොකද ,මේ වතුරේ එච්චරකට බලවත් ඖෂධිය ගුණයක් තියෙනවාලු
සැලකිය යුතුය.
1.පාරවල් සොයා ගැනීම අපහසුය.
2.අවුව අධිකය.
3.කන් ද තරනයේදී ජලය රැගෙන යාමට අමතක නොකරන්න.
4.අලියන් ගැවසෙන ප්රදේශයකි.
5.භාවනා යෝගී භික්ශූන් හට භාදා නොවන ලෙස හැසිරෙන්න.
6.පොලිස් සහ ආරක්ශක අංශ නිලධාරීන් වනය තුල ආරක්ශාවට යොදවා සිටි
7.ඔබට අවශ්යා තවත් සියලු තොරතුරු පන්සලෙන් දැන ගත හැකිය.
8.පන්සල පසු කර මීටර් 750ක් පමන ගිය පසු දිඹුලාගල වැව පිහිටා ඇති අතර.එකෙන් නාගන්න පුලුවන්
9.අවශ්‍ය සියලු දේ මගින් අරන් යන්න.
චතුර අයියගෙ වීඩියෝ එකකුත් තිබ්බා...ඔන්නා එකේ ලින්ක් එක...ඒකත් බලනවා නම් බලලා අදහසක් ගන්න...හැබැයි ඒකේ සම්පූර්න කැලේම ආවරනය වෙලා නෑ.ගොඩක් අය අහලා තිබ්බ මාර වීදීය.ඔෞෂධ පොකුන ඇතුලත්
ලින්ක් එක - https://youtu.be/wsQfvhAQ-z4
Wednesday, February 27, 2019
Subscribe to:
Post Comments (Atom)
කියවන්න අමාරුයි. කළු සහා රතු
ReplyDelete