හෙළයේ පළමු රජු රාවණාද ? විජයද ? පණ්ඩුකාභයද ?
හෙළ යක්ෂ, නාග ගෝත්‍රික ජනතාවගේ මූලාරම්භය කවදා ආරම්භ වූයේ ද යන වග දැනගැනීම සඳහා ඓතිහාසික මූලාශ්‍ර පාදක කරගැනීමට නොමැති වුව ද හෙළය ‘මණ්ඩදීපය’ ලෙස හැඳින්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධොත්පාද කාලයේ දී යක්ෂ ගෝත්‍රික ඉතිහාසයේ විශ්ව කීර්තියට පත්ව සිටි අගස්ති, පුලස්ති යන මහා ඍෂිවරුන්ගෙන් වර්ණවත්ව බැබළුණ යුගයක පුලස්ති ඍෂිවරයාණන්ගේ පුත් රුවන වූ විශ්‍රව පඬිවරයාණන්ට දාව පුෂ්පොත්කටා අගමෙහෙසියට උපන් මහාධිරාජ ශ්‍රී රාවණ නරෝත්තමයාණන්ගේ රාජ්‍ය පාලන කාලය හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස දීප්තිමත්ව බැබළුණ බව පුරාවෘත්තයන්ගෙන් අනාවරණය වී ඇත.
ඉතා දියුණු සංස්කෘතියකට, සභ්‍යත්වයකට, ශිෂ්ටාචාරයකට උරුමකම් නෑකම් කියූ හෙළ යක්ෂ ගෝත්‍රික ජනතාවගේ දුර්දසාව රාම, ලක්ෂ්මණ, හනුමන්තා යන දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, විදෑවන් විසින් ශ්‍රී රාවණ නරෝත්තමයාණන්ට සියතින්ම සිය ජීවිතය අවසන් කර ගැනීමට මංපෙත් විවර කිරීමෙන් පසුව හෙළ රාජාවලිය අරාජික විය. ඒ සමඟ අසරණ වූ යක්ෂ ගෝත්‍රික ජනතාව පෙර ජීවත් වූ පරිදි පුලතිසිපුර, ලංකාපුර, ආලකමන්දාපුර, දිඹුලාගල, අනුරාධපුරය, මිහින්තලය, දොරමඩලාව, මහියංගණය, බින්තැන්න, ලග්ගල, රිටිගල, යකාගල, යකාබැඳිඇල්ල, යක්දෙස්සාව, යක්කාවිට, යක්විල, ගල්කඩ, වයඹ ආදී ප්‍රදේශවල ජනපද පිහිටුවාගෙන ගොවිතැන සිය ජීවනෝපාය කරගනිමින් වාසය කර ඇත.
නාගදීපය (නයිනතිව්), චූලනාගගාම (චුන්නාකම්), මහානාගගාම (මල්ලාකම්), මහීනාගගාම (මන්නාරම), කල්පිටිය, කැලණිය ආදී ප්‍රදේශවල නාග ගෝත්‍රික ජනයා ජීවත් වී ඇති අතර, සමහර ප්‍රදේශවලින් හමු වී ඇති නාග හිස සහිත ශෛලමය මූර්තිවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි.
තම මුනුපුරුට අනාගතයේදී එල්ලවන සතුරු ආක්‍රමණයක් උපද්‍රවයක් ගැන උප්පත්ති කේන්දරයට අනුව දූරදර්ශීව දැක සිටි පුලස්ති ඍෂිවරයාණන් එම උපද්‍රවයෙන් මිදී සතුරාගෙන් ආරක්ෂා වීම සඳහා ‘බ්‍රහ්ම අස්ථය’ නම් වූ බලගතු මන්ත්‍රයක් සහ තෛලයක් රත්රන් සුරයක බහා එය ආරක්ෂා කර තබාගන්නා ලෙසට මුනුපුරු රාවණ නිරිඳුන්ට දුන් උපදෙස්වලට අනුව රත්රන් සුරය රාවණ නිරිඳුන්ගේ එක් වාසභවනක් වූ ත්‍රිකූට පර්වත මාලිගාවේ මුදුන් කුලුනක සඟවා තබා ඇත.
එම රත්රන් සුරය සඟවා තබා ඇති ස්ථානය දැනගෙන සිට ඇත්තේ පුලස්ති ඍෂි, රාවණ නිරිඳුන්ගේ මෑණියන් වූ පුෂ්පොත්කටා දේවියගේ සහෝදරයා වූ කාලනේමි මාමණ්ඩිය සහ පියාණන් වූ විශ්‍රව පඬිවරයාට දාව නාග ගෝත්‍රික මාලනී දේවියට උපන් විභීෂණත් පමණි.
රාජ්‍යත්වයට ලෝභකම් කරමින් රජකම ලබාගැනීමේ මනදොළින් පසුවූ විභීෂණ අයියණ්ඩිය වූ රාවණ සමග නිතර නිතර ආරවුල් හිත් අමනාපකම් ඇතිකරගෙන සිටියදී, රාවණ නිරිඳුන්ගේ පියාණන් වූ විශ්‍රව පඬිවරයාණන්ට දාව රාගා නම් වූ මෙහෙසියට උපන් සුපර්ණිකා නැගණියගේ නාසය සහ කන් රාමගේ මලණුවන් වූ ලක්ෂ්මණ විසින් කපා තුවාල සිදුකිරීම නිසා පළිගැනීමක් ලෙස රාමගේ බිරිඳ වූ සීතා දේවිය රාවණ නිරිඳුන් විසින් පැහැරගෙන ඒම නිසා උරණ වී කෝපාවිෂ්ටව සිටි රාමට, රාවණ අයියණ්ඩියට විරුද්ධව කේලම් කියමින් කුමන්ත්‍රණ කරමින් විභීෂණ රාම සමග කුලුපග වී ඇත.
සීතා දේවිය පැහැරගෙන ඒම නිසා යම් දිනෙක රාම, රාවණ නිරිඳුන් සමඟ යුද්ධයකට පැටලුනහොත් බ්‍රහ්ම අස්ථය බහාලූ රත්රන් සුරය පැලඳගෙන රාවණ නිරිඳුන් යුද බිමට පිවිසුණ විට පරදවා විනාශ කළ නොහැකි බව වටහාගෙන සිටි විභීෂණ හොර රහසේම හේවායින් සමග ත්‍රිකූට මාලිගාවට ගොස් කුලුනේ සඟවා තිබූ රත්රන් සුරය විභීෂණ භාරයට ගන්නා විට එය දුටු සුපර්ණිකා නැගණිය ඒ බව රාවණ අයියණ්ඩියට සැලකර ඇත.
කුඩා කල සිටම තමා බලා හදා ගනිමින් සිප්සතර ගුරුහරුකම් කියාදුන් තම මෑණියන්ගේ සහෝදරයා වූ කාලනේමි මාමණ්ඩිය හනුමන්තා විසින් පෙරළන ලද ගලකට යටවීමෙන් ද එකම පුත්‍රරත්නය වූ මේඝනාධ (ඉන්ද්‍රජිත්) ලක්ෂ්මණ විසින් ගෙල සිඳලීමෙන් ද ජීවිතක්ෂයට පත් කර ඇති බව දැන ගැනීමෙන් පසුව දැඩි චිත්ත සංවේගයට පත්ව සිටියදී රාම, ලක්ෂ්මණ, හනුමන්තා වානර සේනාව ද සමඟ යුද්ධයකට අත වනන බව දැනගැනීමෙන් පසුව, ‘බ්‍රහ්ම අස්ථය’ ද විභීෂණ භාරයේ තිබෙන හෙයින් යුද ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැකි බව අවබෝධ කරගත් රාවණ නිරිඳු තමා විසින්ම සකසා ගත් වස පානය කර දිවි තොර කරගත්තා ද එසේ නැතිනම් සිහිමුර්ජා වන දියරයක් පානය කළා ද?
කුඩා කල සිටම තමා බලා හදා ගනිමින් සිප්සතර ගුරුහරුකම් කියාදුන් තම මෑණියන්ගේ සහෝදරයා වූ කාලනේමි මාමණ්ඩිය හනුමන්තා විසින් පෙරළන ලද ගලකට යටවීමෙන් ද එකම පුත්‍රරත්නය වූ මේඝනාධ (ඉන්ද්‍රජිත්) ලක්ෂ්මණ විසින් ගෙල සිඳලීමෙන් ද ජීවිතක්ෂයට පත් කර ඇති බව දැන ගැනීමෙන් පසුව දැඩි චිත්ත සංවේගයට පත්ව සිටියදී රාම, ලක්ෂ්මණ, හනුමන්තා වානර සේනාව ද සමඟ යුද්ධයකට අත වනන බව දැනගැනීමෙන් පසුව, ‘බ්‍රහ්ම අස්ථය’ ද විභීෂණ භාරයේ තිබෙන හෙයින් යුද ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැකි බව අවබෝධ කරගත් රාවණ නිරිඳු තමා විසින්ම සකසා ගත් වස පානය කර දිවි තොර කරගත්තා ද එසේ නැතිනම් සිහිමුර්ජා වන දියරයක් පානය කළා ද?
දේහය නකල්ස් කඳු පන්තියට අයත් ‘යහන්ගල්’ ගල් ලෙනක තැන්පත් කර තිබෙනවා ද? ‘යහන’ අරුත් බිඳී ඒමේදී ඇඳක් යන අර්ථය නිරූපණය වෙයි. ඇඳක මෘතදේහයක් තැන්පත් කර නොතබනු ඇත. ඒ අනුව සිහිමූර්ජා වූ රාවණ නිරිඳුන්ගේ පෞරුෂය යහන්ගලේ ගුහාවක තැන්පත් කර තිබෙනවා ද?
රාවණ නිරිඳුන් විනාශ කරවීමට විභීෂණ ආධාර අනුබල උපකාර කළ නිසා කෘතගුණ සැලකීමක් වශයෙන් දේව ගෝත්‍රිකයන් වූ රාම, ලක්ෂ්මණ, සීතා දේවිය ද සමග කැලණියේ නාග ගෝත්‍රික ජනතාව හමුවීමට ගොස් විභීෂණට දේවත්වයක් ආරෝපණය කර පුද පූජා පවත්වමින් වන්දනාමාන කරන ලෙස නාග ගෝත්‍රික ජනතාවට උපදෙස් දී ඔවුන්ගේ බහට අවනත කරවා ගැනීමෙන් පසුව ඉන්දියාව බලා ගොස් ඇත. ඒ අනුව යමින් අදත් ජනතාව වන්දනාමාන කරමින් පුද පූජා පවත්වන්නේ තම පියාණන් වූ විශ්‍රව පඬිවරයාටම දාව උපන් තම සහෝදරයා වූ රාවණ නිරිඳුන්ගේ ජීවිතය විනාශ කරවා අපගේ ආදි මුතුන් මිත්තන් වන යක්ෂ ෙගා්ත්‍රික ජනතාව විනාශ මුඛයට ඇද දැමූ, පාපතර විභීෂණ බව සිහියේ තබාගෙන පුද පූජා කරන්නේ නම් කළ යුතුය.
අමිල ජීවිතයක් විනාශ කර ගැනීමට මංපෙත් විවර කරමින් අගස්ති, පුලස්ති යන මහා ඍෂිවරුන් විසින් සහ මහාධිරාජ ශ්‍රී රාවණ නිරිඳුන් විසින් හෙළ ආයුර්වේද විද්‍යාව පිළිබඳව රචනා කරන ලදුව පුලතිසිපුර ස්වස්ථිකයේ සුරක්ෂිතව ගබඩා කර තිබූ මහානුභාව සම්පන්න පුස්කොළ ග්‍රන්ථ රැගෙන යාම සඳහා ඉවත් කර ගැනීමෙන් පසුව ස්වස්ථිකයට ද ආලකමන්දාව වටා දැව නිමාවෙන් ඉදිකර තිබූ පරිවාර මහල් පද්ධතියට ද ගිනි තබා විනාශ කිරීමෙන් රාම, ලක්ෂ්මණ, හනුමන්තා යන ද්‍රෝහීන් හෙළ ශ්‍රී විභූතියට කළ විනාශය අප දන්නා ඉතිහාසයේ ඉන්දීය විදෑවන් කළ පළමු වැනි මහාම මහා විනාශය පිළිබඳව නොදන්නා අය නොදන්නා නමුත් දන්නා අය අමතක කර දමා ඇති නමුත් අමතක කළ යුතු ද?
වාර්ෂිකව රාම අනුස්මරණය කරමින් ඉන්දීය රාජ්‍ය අනුග්‍රහයෙන් රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන ‘දුසේරා’ උත්සවයේ සමාප්තිය සනිටුහන් කරන්නේ රාවණ නිරිඳුන්ගේ මූර්තියක් පඹයකුගේ ස්වරූපයෙන් නිර්මාණය කර ඊතලවලින් විද පුලුස්සා දැමීමෙනි.
පසුගිය ‘දුසේරා’ උත්සවයකට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා රාවණ නිරිඳුන්ගේ මූර්තියට ඊතලයකින් විදින අවස්ථාවේදී දුන්න කැඩී ගිය පුවත පුවත්පතක පළ කර තිබුණි. රාම වීරත්වයෙන් පිදුම් ලබන්නේ විශ්වයම ජයගත් ඉන්දියාවට ද අභියෝගයක් වූ රාවණ නිරිඳුන් විනාශ කරවීම නිසාම බව රාවණ නිරිඳුන්ගේ අනුරුව පුලුස්සා දමමින් දුසේරා උත්සවයේ සමාප්තිය සනිටුහන් කිරීමෙන්ම පැහැදිලි වෙයි.
රාම අනුස්මරණය කරන ‘දුසේරා’ උත්සවය හෙළයන්ගේ මතකය අවදි කරමින් කියාපාන්නේ රාවණ නරෝත්තමයාණෝ හෙළය පාලනය කළ බව ඉන්දියාව පිළිගන්නා බවත්, එනම් ඔවුන්ගේ ද්‍රෝහියකු ලෙස සලකන බවත් නොවේ ද? ඉන්දියාව එසේ පිළිගෙන තිබෙන නමුන්, රාවණ නරෝත්තමයාණෝ හෙළයේ විරාජමානව වැජඹෙමින් දේශ දේශාන්තරවල ද සිය කිතු ගොස අණසක පතුරවමින්, වෙනත් ලෝක සමඟ සබඳතා පවත්වමින් ගුවන්යානා රේඩාර් පද්ධති, ජ්‍යොතිෂය වෙදහෙදකම් මේ ආදී සකලවිධ ක්‍රියාවන්ගෙන් දස්කම් විස්කම් පෙන් වූ වීර වික්‍රම රාවණ නිරිඳුන් අනුස්මරණය කිරීමට තබා නිරිඳුන් ගැන දන්නේ ද කීයෙන් කී දෙනෙක් ද?
රාම අනුස්මරණය කරන ‘දුසේරා’ උත්සවය හෙළයන්ගේ මතකය අවදි කරමින් කියාපාන්නේ රාවණ නරෝත්තමයාණෝ හෙළය පාලනය කළ බව ඉන්දියාව පිළිගන්නා බවත්, එනම් ඔවුන්ගේ ද්‍රෝහියකු ලෙස සලකන බවත් නොවේ ද? ඉන්දියාව එසේ පිළිගෙන තිබෙන නමුන්, රාවණ නරෝත්තමයාණෝ හෙළයේ විරාජමානව වැජඹෙමින් දේශ දේශාන්තරවල ද සිය කිතු ගොස අණසක පතුරවමින්, වෙනත් ලෝක සමඟ සබඳතා පවත්වමින් ගුවන්යානා රේඩාර් පද්ධති, ජ්‍යොතිෂය වෙදහෙදකම් මේ ආදී සකලවිධ ක්‍රියාවන්ගෙන් දස්කම් විස්කම් පෙන් වූ වීර වික්‍රම රාවණ නිරිඳුන් අනුස්මරණය කිරීමට තබා නිරිඳුන් ගැන දන්නේ ද කීයෙන් කී දෙනෙක් ද?
.
අතිශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියූ අපේ ආදි හෙළ මුතුන් මිත්තන් වූ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවැතගෙන එන අපි වර්තමානය වනවිට නිවට නියාලු දීන ජාතියක් බවට පත්කර ඇත්තේ කවුරුන් විසින් ද යන ප්‍රශ්නයට පිළිතුරු අපි අපටම ගසා ගනිමින් අපෙන්ම විමසිය යුතුය.
අතිශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියූ අපේ ආදි හෙළ මුතුන් මිත්තන් වූ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවැතගෙන එන අපි වර්තමානය වනවිට නිවට නියාලු දීන ජාතියක් බවට පත්කර ඇත්තේ කවුරුන් විසින් ද යන ප්‍රශ්නයට පිළිතුරු අපි අපටම ගසා ගනිමින් අපෙන්ම විමසිය යුතුය.
රටකට ජාතියකට සුභවාදී අනාගතයකට පියමං කිරීම සඳහා නිර්ව්‍යාජ ඉතිහාසයක් තිබිය යුතුය. හෙළයන් වූ අපට කිසිදු රටකට ජාතියකට නොමැති පෞඪ ඉතිහාසයකට උරුමකම් කීමට ඕනෑ තරම් මූලාශ්‍ර තිබියදී ඒවා පරිශීලනය කිරීම පසෙකට දමා ව්‍යාජ ඓතිහාසික තොරතුරු පදනම් කරගෙන අඳුරේ අතගාමින් අප විසින්ම අපේ ඉතිහාසය විකෘති කරගෙන පැමිණි ගමනට තිත තබා දැන්වත් අපේ නිවැරැදි ඉතිහාසය සොයා යා යුතුය.
තෝපා වැව ඉස්මත්තේ සිට පුස්කොළ ග්‍රන්ථයක් දෙඅත දරාගෙන ස්වස්ථිකය දෙස නෙත් යොමා බලා සිටින හෙළයේ මහා වෙදැදුරු පුලස්ති ඍෂිවරයාණන්ගේ ශෛලමය පිළිරුව බවට ඓතිහාසික සාක්ෂි තිබියදීත්, පිළිරුව හෙළය ස්වයංපෝෂිත කළ පැරකුම්බා නිරිඳුන්ගේ බවට ඉතිහාසය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරුන් දරන මතය මොන තරම් අභාග්‍ය සම්පන්න ද?
තෝපා වැව ඉස්මත්තේ සිට පුස්කොළ ග්‍රන්ථයක් දෙඅත දරාගෙන ස්වස්ථිකය දෙස නෙත් යොමා බලා සිටින හෙළයේ මහා වෙදැදුරු පුලස්ති ඍෂිවරයාණන්ගේ ශෛලමය පිළිරුව බවට ඓතිහාසික සාක්ෂි තිබියදීත්, පිළිරුව හෙළය ස්වයංපෝෂිත කළ පැරකුම්බා නිරිඳුන්ගේ බවට ඉතිහාසය පිළිබඳ ආචාර්ය මහාචාර්යවරුන් දරන මතය මොන තරම් අභාග්‍ය සම්පන්න ද?
පුලස්ති ඍෂිවරයාණනි, රාවණ නරෝත්තමයාණන්ගේ අත්තා වූ වියතාණනි, අප විසින් ඔබ වහන්සේට කර ඇති මෙම අවමානයට වඩා වැඩි තවත් අවමානයක් කරන්නට අපට ඉතිරිව තිබේ ද? පිළිරුව පැරකුම්බා නිරිඳුන්ගේම නම් වීරත්වය, ගාම්භීරත්වය පිළිබිඹු වන පරිදි රාජ ආභරණ අසිපතක් සහිතව පිළිරුව නෙළීමට හෙළ ගල් වඩුවාණන්ට අමතක වුණා ද?
පිළිරුව පැරකුම්බා නිරිඳුන්ගේම නම් හෙළ රාජාවලියේ රජකම් කළ අඩු තරමින් ශ්‍රේෂ්ඨ නරපතියන්ගේවත් ශෛලමය පිළිරූ විද්‍යාමාන නොවන්නේ ඇයි? දිය වී ගොසින් ද? පරසතුරු ආක්‍රමණ විසින් සුනු විසුනු කර දැම්මා නම් මෙම පිළිරුව පමණක් ඉතිරි වූයේ කෙසේ ද?
කෙසේ වුව ද සෑම ගමකටම, නගරයකටම නමක් යොදා ඇත්තේ එම නමින් පිළිබිඹු වන කුමන හෝ ඓතිහාසික ගුප්තාර්ථයක් අන්තර්ග්‍රහණය කරගෙනයි. ඒ අනුව පණ්ඩුකාභය රජතුමාගේ අත්තා කෙනකු වූ අනුරාධ ගාමයේ ඇමැති ධුරය හෙබවූ අනුරාධ ඇමැතිවරයාගේ නම පාදක කරගෙන ද අනුරාධ නැකතින් අනුරාධපුර රාජධානියේ වැඩ කටයුතු ආරම්භ කළ නිසා ද අනුරාධ ගාමයට අනුරාධපුරය යන නම යොදා ඇත. එසේම පුලතිසිපුර, පුලස්ථිපුර යන නම අර්ථකථනය කළ විට පුලස්ථි ඍෂිවරයාණන් ජීවත් වූ භූමිය පුලස්තිපුරය බව තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. පුලස්තිපුරයෙන් තම දේශපාලන අත්පොත කියවූ වත්මන් භූපතිතුමාට සඟවා ඇති හෙළ සැබෑ ඉතිහාසය කැණ ගොඩලීම සඳහා පෙරමුණ ගැනීමට පරම අයිතියක් ඇත.
ලොව විස්මිත කරවන මනරම් කලා නිර්මාණයක් වන ආලකමන්දාව කවදා කවුරුන් විසින් නිර්මාණය කරන්නට ඇති ද යන වග දැනගැනීමට පැහැදිලි සාක්ෂි නොමැති වුව ද රාවණ නිරිඳුන්ගේ අත්තා වූ පුලස්ති ඍෂිවරයාණන්ගේ සමයේදී මාලී, සුමාලී, මල්‍යවන්ත යන යක්ෂ සේනාධිපතිවරුන් තිදෙනාගේ මෙහෙයවීම් යටතේ නිමකරන්නට ඇතැයි අනුමාන කළ හැක.
රාවණ නිරිඳුන්ගේ පියාණන් වූ විශ්‍රව පඬිවරයාණන්ට දාව ඉලා නම් වූ දේවියට උපන් වෛශ්‍රවණ හෙවත් කුවේර හෙවත් වෙසමුණි වැඩි කලක් ආලකමන්දාවේ වාසය කර ඇති බව සිව්පදයකින් මතකයේ ඇති එක් පදයක් වන ‘කුවේර නුවරෙව් සැදුණු එනුවර’ යන පදය උපුටා දක්වමින් කුවේරයාෙග් නුවර ලෙස හඳුන්වා ඇත්තේ ආලකමන්දා පුරවරය බව පෙන්වාදීම අගනේය.
ඉන් පසුව වෛශ්‍රවණ ආලකමන්දාවෙන් පිටමංකර රාවණ නිරිඳුන් තමන්ගේ ප්‍රධාන වාස භවනය කරගෙන ජීවත් වී ඇති අතර පුත්‍රරත්නය වූ මේඝනාධ (ඉන්ද්‍රජිත්) රාම, ලක්ෂ්මණ, හනුමන්තා යන ද්‍රෝහීන් සමඟ සටන් ඇවිලී ඇත්තේ ආලකමන්දා පරිශ්‍රයේදී බවත්, ඉන් පසුව රාම, ලක්ෂ්මණ, හනුමන්තා ප්‍රධාන වානර හමුදාව විසින් ආලකමන්දාව වටා දැව නිමාවෙන් ඉදිකර තිබූ මහල් පද්ධතියට ද ගිනි තැබීම නිසා ආලකමන්දාවේ ජීවත් වූ රාවණ නිරිඳුන්ගේ මලණුවන් වූ කුම්භකරණ ගින්නට අසු වී ජීවිතක්ෂයට පත් වී ඇත.
කුම්භකරණ වැඩි කාලයක් නිදාගත් පුද්ගලයකු නිසා සමහර පුද්ගලයන් දීර්ඝ නින්දක යෙදෙන විට ‘නිදාගන්න ගියාම කුම්භකරණයා වගේ’ යන කියමනක් ගැමි වහරේ ඇති බව පෙන්වා දෙමින් කුම්භකරණ නමින් පුද්ගලයකු රාවණ නිරිඳුන්ගේ සමයේ ජීවත් වී ඇති බව පෙන්වා දිය හැක.
ආලකමන්දාව පිළිබඳව සැබෑ ඉතිහාසය විකෘති කරමින් කාශ්‍යප කුමරු විසින් ආලකමන්දාව ගොඩනගා ඇති බව ඔප්පු කිරීමට ඉතිහාසඥයන් මහත් පරිශ්‍රමයක් දරා ඇත. පියාණන් වූ ධාතුසේන රජු ජීවිතක්ෂයට පත් කරලීමෙන් පීතෘ ඝාතකයකු වූ කාශ්‍යප කුමරු මලණුවන් වූ මුගලන් කුමරු විසින් ඝාතනය කිරීමට සොයමින් සිටින විට අධිආරක්ෂිත ස්ථානයක් වූ ආලකමන්දාවට පැමිණ සැඟ වී සිට ඇති නමුත් අවසානයේදී මුගලන් කුමරු අතින් මැරුම් කෑවා ද? සිය දිවි හානි කරගත්තා ද?
කෙසේ වුව ද අැති වූ කෝපය නිසා පියා ඝාතනය කරවීමෙන් දැඩි චිත්ත සංවේගයටත්, පසුතැවිල්ලටත් පත් වී මර බියෙන් සැඟ වී සිට කාශ්‍යප කුමරුට විශ්වකර්ම මනරම් කලා නිර්මාණයක් වූ ආලකමන්දාව ගොඩනැගීමට නිරවුල් මානසිකත්වයක් තුළ කලාකාමී සිතුවිලි පහළ වූවා යැයි සිතීම උගහටය. එසේම ආලකමන්දාව ගොඩනැගීමට වසර ගණනාවක් ගතවන්නට ඇතැයි සිතිය හැකි කාල පරාසය තුළ මර බියෙන් සැඟ වී සිටි කාශ්‍යප කුමරු නිර්මාණ ශිල්පීන්, ගල් වඩුවන්, සිත්තරුන් ඇතුළු විශාල සේවක සංඛ්‍යාවක් සොයා ගත්තේ කෙසේ ද? අයියණ්ඩිය ඝාතනය කිරීමට සොයමින් සිටි මුගලන් කුමරු කාශ්‍යප කුමරු විසින් ආලකමන්දාව ගොඩනගා අවසන් කරන තුරුම නිහඬ පිළිවෙතක් අනුගමනය කළා ද?
ආලකමන්දාවේ සිරසට ප්‍රවිෂ්ට වීම සඳහා ඇති දොරටුව අබියස නෙළා ඇති සියුම් කලා නිර්මාණයෙන් පිළිබිඹු වන්නේ සිංහයකුගේ අත්යුගලයක් බවත්, සිංහයාගේ ගිරිය (උගුර) තුළින් සිරසට පියමං කළ යුතු බවත් ඒ අනුව සිංහගිරිය සීගිරිය ලෙසත්, සීගිරිය ගොඩනැඟූ නියමුවා වූයේ කාශ්‍යප කුමරු බවත්, එසේ හෙයින් කාශ්‍යප කුමරු සීගිරි කාශ්‍යප ලෙසත් අර්ථකථනය කර ඇත.
අන්ධ පුද්ගලයකුට සිංහයකුගේ අතක ඇඟිලි, නියපොතු සහ ගුරුළකුගේ හෝ මයුරකුගේ පාදයක ඇඟිලි, නියපොතු අතින් ස්පර්ශ කිරීමට සලස්වා ඉන් පසුව ආලකමන්දාවේ සිරසට පිවිසෙන දොරටුව අබියසට කැඳවාගෙන ගොස් සිංහයකුගේ යැයි කියන අතක ඇඟිලි, නියපොතු ස්පර්ශ කිරීමට සැලැස්සුවහොත් එය සිංහයකුගේ අතක් නොව ගුරුළකුගේ හෝ මයුරකුගේ පාදයක් බව එක හෙලාම ප්‍රකාශ කරනු ඇත.
නමුත් අපේ ඉතිහාසඥයන්ගේ සහ නරඹා ඇති පිරිසගෙන් බහුතරයකගේ ද මතය වී ඇත්තේ අත් යුගලය සිංහයකුගේම බවයි. මෙය අරුමයක් ද? කරුමයක් ද? මානව සම්භවයේ ආරම්භය ඇති වූයේ කවදා ද? යන වග දැන ගැනීම සඳහා අැමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විද්වතුන් කණ්ඩායමක් කර ඇති විමර්ශනාත්මක ගවේෂණවලදී වසර 7000කටත් එහා ගිය ඉතිහාසයක් තුළදී මානවයා ජීවත්ව ඇති බව පෙන්වා දෙමින් චාර්ල්ස් ඩාවින් දාර්ශනිකයා විසින් මිනිසා පරිණාමය වී ඇති බවට කර ඇති ප්‍රකාශය පුස්සක් බවට පත් කර ඇත. එවැනි දුර්මත බැහැරව යමින් තිබෙන යුගයක ගුරුළකුගේ හෝ මයුරකුගේ දෙපා සිංහයකුගේ අත් දෙකක් බවට උපකල්පනය කරමින් ඒ මතයේම ඇලී ගැලී සිටින්නේ ඇයි?
වසර 1400කින් ඔබ්බට දිවයන අනුරාධපුර යුගය තුළ රජකම් කළ රජවරුන් අගනගරය ලෙස අනුරාධපුරය තෝරාගෙන පාලනයේ නිරත වී ඇති නමුත් මර බිය නිසා මුගලන් කුමරුට බියෙන් ආලකමන්දාව අගනගරය කරගෙන ක්‍රි.ව. 479-497 අතර වසර 18ක් පාලනයේ නිරත වූ බව සඳහන් වන හෙයින් කාශ්‍යප කුමරුට බියෙන් මුගලන් කුමරු සැඟවී සිටියා ද? අනුරාධපුර යුගයේදී අගනගර දෙකක් තිබුණා ද?
අපගේ ආදි මුතුන් මිත්තන් වූ යක්ෂ ගෝත්‍රික ජනතාවගේ සුරුවිරුකම් පිළිබඳව ආලකමන්දාවේ සඟවා ඇති අතිමහත් වූ අභිරහස් ඉතිහාසය උඩි යටිකුරු කරමින් හෙළිවන්නේ ශිඛරය අභ්‍යන්තරයට ප්‍රවිෂ්ට වීමට ඇති ගල් දොරටු විවෘත කිරීමට වරම ලැබෙන දිනයේදීය. එතෙක් බළකොටු තනාගෙන රැකවල්ලා සිටින මරාගෙන මැරෙන කළු දෙබර, බඹර සේනා දිවි හිමියෙන් හෙළ ඉතිහාසය ආරක්ෂා කරනු ඇත. පුරාවිදු කොමසාරිස්ව සිටි මහැදුරු සෙනරත් පරණවිතාන සූරීන් ශිඛරය තුළට ඇතුළුවන දොරටුවක් අබියස කැනීම් කිරීමට සූදානම් වූ අවස්ථාවක කළු දෙබරු මතුවීම නිසා ගවේෂණ කටයුතු අතරමග නතර කර දැමූ පුවතක් වසර කීපයකට පෙර පුවත්පතක පළකර තිබුණි.
යක්ෂ ගෝත්‍රිකයන් යනු, ඉදිරියට නෙරා ගිය වටකුරු රත් පැහැ ගැනුණ ඇස් ඇති වැඩුණු පොකුටු හිසකෙස් සහිත ශරීරය පුරා ලෝම ඇති විශාල දත් සහිත මුඛයක් සහ මුඛය දෙපසට විහිදුණු දළ දෙකක් ඇති මස් අනුභව කරමින් රුධිරය බොන ඉදිරියට නෙරා ගිය උදරයක් ඇති වනචාරී භයානක පිළිකුල් සහගත අමනුෂ්‍ය කොටසක් ලෙස හුවා දක්වමින් මනඃකල්පිත චිත්තරූප මවමින් උත්සාහ දරා ඇත්තේ අපගේ ආදි හෙළ මුතුන් මිත්තන් වූ යක්ෂ ගෝත්‍රික ජනතාවගෙන් හෙළයා පැවත එන බව වසන් කර හෙළයා පැවතෙන්නේ ඉන්දීය සම්භවයෙන් බව ඒත්තු ගන්වා දේව ගෝත්‍රිකයන් ඉස්මතු කර පෙන්වීමට බව පැහැදිලිය.
වැඩකට ගියාම යක්කු වගේ යන කියමනක් අපේ ගැමි සංස්කෘතිය තුළ භාවිත වෙමින් පැවැතීමට හේතුව යක්ෂ ගෝත්‍රික ජනතාව කඩිසර කාර්යශූර බුද්ධිමත් ජනතාවක් වූ නිසාය.
උපුටා ගැනීම -සිළුමින් පුවත්පත්
No comments:
Post a Comment